Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජ මහාවිහාරය

පෝදා පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධ පූජාව, 8.00 – 9.00 භාවනා වැඩසටහන ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 – 10.00 පෙරවරු ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිද හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙර් නාරද හිමි, 11.00 -11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 – 4.00 පස්වරු ධර්ම දේශනාව සූරියවැව සාරානන්ද හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව 5.00 – 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6 – 7 ගිලන්පස බුද්ධ පූජාව, ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්ම දේශනාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ඇතිමලේ සීලානන්ද හිමි,

 

බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 06.00 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි., 8.00 – 8.30 සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිරිවජිරාරාමවාසී පැරකුම්පුර විසාරද හිමි, 8.30 – 09.30 ධර්මානුශාසනාව නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 9.30 – 11.00 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව සිරි වජිරාරාමාවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, පස්වරු 12.15 – 01.15 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරී, සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂ කඹුරුගමුවේ මහානාග හිමි, 01.15- 02.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධාන ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 4.00 – 5.00 ගිහි දේශනය මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව සිරිවජිරාරාමවාසී ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.

 

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව 8.15 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 10.00 – 11.00 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 – 2.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති උනින්දුවෙල සුමනසාර මා හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස මා හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති වලපනේ ඤාණසේන මා හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති අලුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ පූජාව මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් ධර්ම දානයක් ලෙස නිකුත් කෙරේ.

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි වප් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහාරාමයේ ධම්මසාර, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාව ද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

ශ්‍රී සම්බෝධි විහාරය සහ බෞද්ධයා මාධ්‍ය ජාලය

පෝදා පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඤාණ හිමි, 6.00 – 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම බොරලන්දේ වජිරඤාණ හිමි, 08.00 -09.00 ධර්ම දේශනාව මොරවක සෝරත හිමි, 09.30 -10.30 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 11.00 – 11.30 ව්‍යංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 - 02.00 පොහෝ දින ධර්ම සාකච්ඡාව ,උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි මෙහෙයවීම සහන් වනිගරත්න මහතා 2.00 - 3.00 ධර්ම දේශනාව, අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි , ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි 03.30 – 4.30 ධර්ම දේශනාව, දොරව්වේ ඤාණරතන හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 5.30 - 6.00 මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය තලාවේ සුමනරතන හිමි.

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරම මහා විහාරස්ථානයේදී පොහෝදා ශීල,භාවනා , ධර්ම දේශනා මාලාවක්, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. 7.00 -7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව 8.00 - 9.00 භාවනාව ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි. 9.15 – 10 .15 ධර්ම දේශනාව කෙසෙල්පොත සුමනවංශ හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. පස්වරු 12.15-12.45 සෙත්පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාමවාසි ස්වාමීන් වහන්සේලා 1.00-2.00 මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15-3.15 ධර්ම දේශනය යටිහලගල විජිතරතන හිමි, 3.30-4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 - 5.30 ධර්ම දේශනය, ගැට්ටුවානේ සුමේධ හිමි, සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නා හිමි. 6.45 - 7.45 හවස ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව – කටුබැද්ද තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ‘ශාසන කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පුර පොහෝ දින වැඩසටහන පැවැත්වේ. පෙරවරු 6.30 - 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30 – 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00 - 10.45 ජාතක කථා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව පස්වරු 12.30- 2.00 ගිහි දේශනය , ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා , 2. 15 – 3.00 ධර්ම දේශනය වඳුරඹ ඤාණාලංකාර හිමි 3.15 – 4.00 භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි, 4 .00 – 5.00 ‘මහාසමය සූත්‍ර දේශනාව ’ සහිත පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා , 5.00 සිල් පවාරණය , 6 .30 – 7 .30 බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි ‘බුදුසරණ පුවත්පත’ ධර්මදානය පිණිස බෙදාදීමේ දායකත්වය – මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේදී වප් පුර පසළොස්වකදා දවස පුරා ආගමික වතාවත් සිදු කෙරේ. පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය, 9.15 ධර්ම දේශනය 10.30 බොරලුකන්දේ ඥානින්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය , 2.15 ධර්ම දේශනාව, 4.00 ධර්ම දේශනය 5.00 බෝධි පූජාව බොරලුකන්දේ ඥානින්ද හිමි 6.00 සිල් පවාරණය

අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ වප් පුන් පොහොය වැඩසටහන අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 06.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම වතුලියද්දේ රතනසීහ හිමි, 08 – 09 භාවනාව , රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 09.00 – 10.00 සූත්‍ර දේශනාව, අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව – කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව කන්දකැටියේ වජිරධම්ම හිමි නාවල උදිත හිමි. පස්වරු 12.15 -12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.20 -12.45 පිරිත් හා තෙරුවන් ගුණ ඇරැව්වල සමිත හිමි. ගලපිටමඩ දේවසිරි හිමි, 12.45 – 01.45 ධර්ම සාකච්ඡාව – ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දොඩම්පහළ කුමාර කස්සප හිමි, 01.45 - 02.45 ධර්ම දේශනාව , කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය , ශාස්ත්‍රපති පණ්ඩිත හල්ලල ශාන්තිදේව හිමි, 02.45 – 03.45 ධර්ම දේශනාව – අතුරුගිරිය බුරුම බෞද්ධ මධ්‍යස්ථානවාසී කඩවත උත්තරානන්ද හිමි, 04.00 – 05.00 ධර්ම දේශනාව –වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි 05.00 - 06.00 ධම්ම පදය – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධිපූජාව සහ සිල් , අලුත් කිරීම, මෙහෙයවීම – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන වැඩසටහන

වප් පෝදා පෙරවරු 06.00 - 07.00 සිල් සමාදන් කරවීම. අනුශාසනාව හා බුද්ධ පූජාව උල්ලිඳුවාවේ විනයකිත්ති හිමි, 8.00 - 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 09.00 - 10.00 ධර්ම දේශනාව දික්කාපිටියේ සේනානන්ද හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි

පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.30 – 1. 00 පිරිත් හා තෙරුවන් ගුණ – සඳසිරි දුනුවිල ඉන්දසාර හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි 2.00 - 3.00 වෙසෙසි දෙසුම – දේශබන්ධු නන්ද විජේරත්න මහතා 3.00 - 4.00 ධර්ම දේශනාව ඔක්කම්පිටියේ කස්සප හිමි 4 .15 - 5.00 ධම්මපදය පණ්ඩිත උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව – පැපිලියාන සුනේත්‍රාදේවි නියෝජ්‍ය පිරුවන්පති ශාස්ත්‍රපති රාජාංගණයේ පියදස්සි හිමි, 6.00 - 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි .

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ – වැලිපාර, සංඝමිත්තාරාමයේ දී වප් පුන් පොහෝ දින අළුයම ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම ගනේලන්ද රජමහ විහාරාධිකාරි ගැමුණුපුර සෝමවංශ හිමි 9. 00 - 10.00 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසි මඩිහේ සුගතසිරි හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම කොළොන්නාවේ විජිත හිමි, 2.15 – 3.00 ධම්ම පදය 3.00 – 5.00 භාවනා වැඩසටහන තලවතුගොඩ ශ්‍රී ඥානාරාමවාසි ස්වාමීන් වහන්සේ නමක් විසිනි. 6.00 සිට ගිලන්පස , අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි. සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති, දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි, වප් පසළොස්වක පෝය දින පින්කම් රැසක් පැවැත්වේ.

පෙරවරු 08.30 ධර්ම දේශනාව ගල්පාත ඤාණසිරි හිමි, 09.30 සදහම් වන්දනාව හා භාවනාව මෙහෙයවීම හොරණ ශ්‍රී අනුලාරාමවාසී ආඳළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ

සවස 01.00 ධර්ම දේශනාව උභය විහාරාධිපති නාගොඩ ධම්මවංස හිමියන් විසිනි. මෙයට අමතරව දවස පුරා දාන, ශීල, භාවනා ඇතුළු පින්කම් රැසක් පැවැත්වේ.