Print this Article


බෝසත් දම්පල් හරසර වන්දනාව

බෝසත් දම්පල් හරසර වන්දනාව

බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාල ශ්‍රී නාමය උදෙසා කෘතගුණ සුවඳැති කුසුමන් පුද දෙන අසිරිමත් මහා පින්කමක් බරණැස දී පසුගිය දා පැවැත්විණි. ‘බෝසත් දම්පල් හරසර’ නමින් එම මහා කෘතගුණ පූජාව බරණැස මූලගන්ධකුටි විහාර පරිශ්‍රයේ දී පසුගිය සැප්තැම්බර් 17 වන දින පැවැත්වූයේ එතුමන්ගේ 154 වන ජන්ම දිනය නිමිත්තෙනි.

බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ශ්‍රී සම්බෝධි විහාරාධිපති අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ගුණ සැමරුම ද එම පින්කමේ අරමුණක්වි. ලාංකික හා ඉන්දීය සැදැහැති ජන සහභාගිත්වයෙන් පැවති බෝසත් දම්පල් හරසර වන්දනාව ඇතුල්කෝට්ටේ ශාන්ති බුද්ධ භූමි වන්දනා සංවිධානය” ඉන්දීය මහ බෝධි සමාගම හා බෞද්ධයා මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කර තිබිණි. අනගාරික ධර්මපාලතුමන් නමින් ඉන්දියාවේ පිහිටුවා ඇති පාසල්වල ඉන්දීය සිසුවියන් විශාල පිරිසක් ද එම අවස්ථාවට එක් විය.

ශ්‍රී සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඤාණ හිමි, මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු ශ්‍රී ලංකාවෙන් වැඩම කළ මහ සඟරුවන ද, ඉන්දීය මහා බෝධි සමාගමේ සම ලේකම් බරණැස මූලගන්ධකුටි විහාරාධිපති කහටගොල්ලෑවේ මේධංකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද එක්විය.