Print this Article


පන්නල ඤාණාලෝක හිමියන්ගේ දම් දෙසුම්

පන්නල ඤාණාලෝක හිමියන්ගේ දම් දෙසුම්

කිවිපති ශාස්ත්‍රපති පන්නල ඤාණාලෝක හිමියන් පවත්වනු ලබන දම් දෙසුම් මාලාවක් මෙසේ ය. මෙම 24 වන දා පස්වරු 12.30 – 01.30 අමාදහර (අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිම) යුගාසන කවි බණ, 25 වන දා රාත්‍රී 7.00 කඩවත මංකඩ පුරාණ විහාරය, යුගාසන කවිබණ, 26 වන දා රාත්‍රී 7.00 දෙමටගොඩ විශුද්ධාරාම පිරිවෙන කවිබණ, 27 වන දා රාත්‍රී 7.00 රඹුක්කන දැලිවල යුගාසන කවිබණ, 28 වන දා පෙරවරු 9.30 ගම්පහ අස්ගිරි වල්පොල පුරාණ විහාරය මව්පිය වන්දනාව එදින රාත්‍රී 7.00 අතුරුගිරිය ගල්පොත්ත දම්දිය අසපුව යුගාසන කවිබණ, 31 වන දා රාත්‍රී 7.00 ට ගාල්ල මිලිද්දුව බෝ සමිඳු අසල යුගාසන කවි බණ සහ නොවැම්බර් 2 වන දා මැදමුලන බෝධිමලු විහාරයේ දී කවිබණ රාත්‍රී 07.00 ට පැවැත්වේ.