Print this Article


මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම ඔක්තෝබර් 26 – 27

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම ඔක්තෝබර් 26 – 27

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම ඔක්තෝබර් 26, 27 දිනයන්හි පැවැත්වේ. 26 වෙනි දින සවස 7.15 ට ගිලන්පස පූජාව සහ රාත්‍රී යුගාසන ධර්මදේශනාවකි.

මෙම කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන කොළඹ වෝඩ් පෙදෙසේ අංක 72 නිවසේ පදිංචි චන්දන වික්‍රමරත්න මහතා සහ මංජුලා වික්‍රමරත්න මහත්මියගේ නිවසේ සිට පංචතූර්යය වාදන සහිතව පිරිත් සජ්ඣායනා මධ්‍යයේ විසිතුරු ධර්මයාත්‍රාවක් සහිත රථ පෙරහරකින් කඨින චීවරය කටුකැලේ ලේඩි බ්ලේක් ආරාමයට වැඩමවා පසුදින අලුයම අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහරකින් කඨින චීවරය ශ්‍රී දළදා මාළිගාවට වැඩමවා අලුයම කඨින චීවරය මහා සංඝරත්නය වෙත පිළිගන්වනවා ඇත.

කටුකැලේ ලේඩ් බ්ලේක් ආරාමාධිපතිනි සද්ධා ප්‍රසාදිනි ධර්මාචාරි කොත්මලේ සුධර්මා සිල්මෑණියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කඨින පින්කම සිදු කෙරේ.