Print this Article


දිද්දෙණියේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ

දිද්දෙණියේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ

පොතුහැර, දිද්දෙනිය, දම්බොක්ක, බෝයගනේ ශ්‍රී සුමන චිත්ත විවේකාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉකුත් මස 27 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක නාපාන පේමසිරි මහ නා හිමිපාණන් වහන්සේ විසින් විවෘත කිරීමට නියමිතව තිබිණි. බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රථම මල් පූජාව සිදු කිරීමට ද මහා සංඝරත්නය, මැති ඇමැතිවරු හා ප්‍රභූන් එම උත්සවයට සහභාගී වීමට ද නියමිතව තිබිණි.

ප්‍රතිමා වහන්සේ නිර්මාණය හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ අධීක්ෂණයෙන් සිදු විය.

2013 දෙසැම්බර් මස 28 දින ආරම්භ කරමින් 2017 දෙසැම්බර් මස බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළීමේ කටයුතු නිමා විය. පිහිටි ගලෙහි නෙළා ඇති ප්‍රතිමා වහන්සේ නෙළීම ශාස්ත්‍රපති ආරගොඩ සුමන ස්වාමීන් වහන්සේගේ සංකල්පයකි. ප්‍රතිමා වහන්සේ ශාස්ත්‍රපති නිශාන්ත පතිරණ ශිල්පියාගේ නිර්මාණශීලිත්වයෙන් සිදුවිය.

කොළඹ, කුරුණෑගල මාර්ග අංක 6 මාර්ගයේ පොතුහැර නගරයේ සිට කි.මී. 1 1/4 පමණ යන විට වම්පසට කි.මී. 1/2 කින් ප්‍රතිමාව අසලට පැමිණිය හැකි ය.