Print this Article


රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ සති පිරිත් පින්කම

රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ සති පිරිත් පින්කම

රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ පුරා වසර 160 කට අධික ඉතිහාසයක් ඇති සති පිරිත් පින්කම, වත්මන් විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර ස්වාමීන්වහන්සේගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව ඔක්තෝබර් 14 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වේ. ඔක්තෝබර් 14 වනදා පස්වරු 08.00 ට පිරිත් පින්කමේ සමාරම්භය සිදුවූඅතර, 15 වනදා උදේ 6.00 ට මහ පිරිත් දේශනය ආරම්භය සහ සති පිරිත් පින්කමේ දෙවන දිනය ද 16 වනදා සති පිරිත් පින්කමේ තෙවන දිනය ද, 17 වනදා සති පිරිත් පින්කමේ සිව්වන දිනයද. 18 වනදා සති පිරිත් පින්කමේ පස්වන දිනයද, සවස් කාලයේ පුස්කොළ පොත් පෙරහරද, 19 වනදා සති පිරිත් පින්කමේ හයවන දිනය සහ සූත්‍ර දේශනාවද 20 වනදා සති පිරිත් පින්කමේ සත්වන දිනය සහ සන්ධ්‍යා කාලයේ දේවදූත පෙරහර හා දොරකඩ අස්න අනුශාසනාව සහ උදෑසන පිරිත් පැන් හා පිරිත් නූල් ලබාදීම සිදු කෙරේ. එම පින්කම් පිරිවෙන් විහාරාරක්ෂක දායක සභාව ,පිරිවෙන් විහාරස්ථ භාරකාර මණ්ඩලය, පිරිවෙන් ආදි විද්‍යාර්ථින්ගේ සංගමය ,පිරිවෙන් විහාරස්ථ ශ්‍රී සුධර්මා කාන්තා සමිතිය, පිරිවෙන් විහාරස්ථ ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල, පරම ධම්ම යෞවන සංසදය මගින් සංවිධානය කර ඇත.