Print this Article


මානව හිතවාදී සමාජයකට දම්පල් චින්තනයෙන් . . .

මානව හිතවාදී සමාජයකට දම්පල් චින්තනයෙන් . . .

ජාතික පනතින්...

* ගමේ ගොවි රාළගෙන් තරම් ඇතැම් මන්ත්‍රී කෙනෙකුගෙන් රටට, ජාතියට ප්‍රයෝජනයක් නැති බව කරුණු සහිතව අවබෝධ කරනු

* ධර්මයට අවනත වූ සංඝයාට කීකරු වෙනු

* ශ්‍රමණ ප්‍රති රූපකයන් හැඳින ඔවුන්ගෙන් ඈත් වනු

* ගුණයෙන්, ශීලයෙන් හා ඥානයෙන් යුතු බෞද්ධ භික්ෂූන්ගේ ආශ්‍රයෙන් බාල පරම්පරාව ඇති දැඩි කරනු

* ‘ආණ්ඩුවේ රක්ෂාවක් ලබා ගැනීම මහ ලොකු වැඩකි’ යන පහත් හැඟීම අත් හරිනු

* පටු කල්පනාකාර සමහර පත්‍ර කර්තෘන්ගේ වවුල් මත විශ්වාස කොට මුළා නොවෙනු

* නිතරම සාවද්‍ය ප්‍රවෘත්ති පළ කරන ව්‍යාජ පත්‍ර කරුවන්ගෙන් පරෙස්සම් වෙනු

* සුදුස්සා නුසුදුස්සා කොටත්, නුසුදුස්සා සුදුස්සා කොටත්, සත් පුරුෂයා අසත් පුරුෂයා කොටත්, අසත් පුරුෂයා සත් පුරුෂයා කොටත්, ඥානවන්තයා අඥානයා කොටත්, අඥානයා ඥානවන්තයා කොටත්, බඩ වියත නිසා පක්ෂ භජනයෙන් ලියන , කියන, පත්‍ර කර්තෘවරුන් දැන හැදින සිටිනු.

* අතීතය සිහි කොට, අනාගතය අමතක කොට වර්තමානයෙහි සතුටු වන්නා හෝ දුක් වන්නා ද අඥානයකු බව දනු

* අවුරුදු සිය දහස් ගණනකට පෙර ජීවත් වූවන් මෙන් වර්තමානයෙහි ද ජීවත් වන්නට, කල දවස යවන්නට නො සිතනු

* වර්තමානයට වඩා අනාගතය වෙනස් වන බව සිතනු

* තමා උපන් රට, ජාතිය වෙනුවෙන් ලේ - කඳුළු හෙළන්න ලැබීම මේ ජීවිතයාගේ ප්‍රයෝජනය සේ සලකනු

* ශාසනයාගේ ජාතියේ දියුණුව සඳහා කරන ආත්ම පරිත්‍යාගය රාජාභිෂේකය සේ සිතනු

* ජාතික, ආගමික අදහස් බාල පරම්පරාව වෙත දීම ගුරු දෙගුරු දෙපක්ෂයේ යුතුකම් බව සලකනු

* මව්පියන්ගේ දුර්වල ගති , නරක හැසිරීම්, නරක ඉරියව් ඇත් නම් ස්වකීය දූ දරුවන්ට ප්‍රකට නො කරනු

* ස්වකීය දූ දරුවන් පහත් කොට ඔවුන්ට නින්දා පරිභව නො කරනු