Print this Article


සදහම් අරණ

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමින් වහන්ස /දුවේ, පුතේ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

402. ඩබ්.එම්. සංජය මිහිරංග
06 ශ්‍රේණිය
ශ්‍රී ජිනානන්ද දහම් පාසල - රොසල්ල

403 කේ. නිලිති නෙලිෂා
12 ශ්‍රේණිය
තෝලංගමුව මහ විදුහල, පස්යාල

404. ඩී.එම්. නිසික අනුසාර
7 ශ්‍රේණිය
චේතියාරාම ධර්ම පාසල, පුස්සැල්ල

405. එම්. චන්දුල නවෝද්
7 ශ්‍රේණිය
මහින්ද රාජපක්ෂ විදුහල - හෝමාගම

406. ඊ.කේ. සසිදු රවිසර
5 ශ්‍රේණිය
හෑගල්ල මහ විදුහල, ගාල්ල


ලෙඩ මිලදී ගන්න එපා

දුර්වල දනන්ගේ දුර්වල කම් දැන ගන් න
මත් පැන් දුම්වැටි එපා කිසි දින අරගන් න
සබඳනි එයයි දුර්වලකම දැන ගන් න
ඔබෙ මත් වුන සිතට මෙත් සුව ගෙන දෙන් න

නාලාගිරිය මත් ඇතිඳුන් පෙර දින දී
බුදු හිමි ළඟදී දණ නැමුවලු සැදී පැහැ දී
මත් වූ ඇතුන් මෙත් සිහිලෙන් නැහැවෙද් දී
සිටියලු දනන් සැනහී සාදු කාර දි දී

මත්වූ සැනින් සැමදෙය අමතක කරලා
දෙව් බඹ ලොවෙහි සැප මෙන් ඒවයෙ ගිලිලා
සිටිය ද නැවත මත් සිත ඔබ තනි කරලා
ඈතට දුවයි නැවතත් පැන ඇත පිරිලා

ඔබෙ මිල මුදල් දුම්වැටියට දෙන්න එපා
මුදලට නොයෙක් ලෙඩ මිලදී ගන්න එපා
සිහිමද වන නිසා මත් වතුරත් බොන්න එපා
බොදු දරුවෙකු බව කිසිදින අමතක කරනු එපා


මුදිතා ගුණය

අන් අයගේ දියුණුව දැක එම දියුණුව තමාට ඇති වූවක් සේ සලකා සතුටට පත් වන ස්වභාවය මුදිතාව යි. පුද්ගලයෙකු වඩා කැමැති වන්නේ තම දියුණුව යි. මුදිතා ගුණය ඉතා උසස් ගුණාංගයකි. සැපතට පත් තැනැත්තා තම හිතවතකු හෝ ඥාතියකු හෝ නම්, එවිට ඇති වන සතුට මුදිතා ගුණයක් ලෙස සැලකිය නොහැකි ය. පුහුදුන් මිනිසා තුළ වැඩි වශයෙන් ජනිත වන සිතිවිලි ඊර්ෂ්‍යා සහගත විය හැකි ය. මෙම සිතිවිල්ල යටපත් කර ගැනීමට අප මුදිතා ගුණය ප්‍රගුණ කළ යුතු ය, මේ සඳහා වැඩිය යුත්තේ මුදිතා භාවනාව යි.


අපේ උරුමය පන්සලයි

කන්ද උඩරට මාතලේ කඳු බෑවුම් සහිත කුඹුරු යායක් ඉස්මත්තේ පිහිටි සොඳුරු ගම්මානයකි. තලකිරියාව නමැති අපේ ගම, ඉපැරැණි ඉතිහාසයක් ඇති අපේ ගමේ මහනුවර යුගයට අයත් පුරාණ ටැම්පිට විහාරයක් ඇත. අදත් එහි පැරැණි මූර්ති හා චිත්‍ර නො නැසී පවතී. සියවස් දෙකකට වඩා පැරැණි බෝධීන් වහන්සේ ද, වසර හැත්තෑ පහකට පමණ පෙර ඉදිකරන ලද බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථා නිරූපණය කෙරෙන පිළිම වහන්සේලා හා චිත්‍රවලින් අලංකාර වූ විහාර මන්දිරය ද, ධර්මශාලාව හා පුස්තකාලය සහිත දෙමහල් මැදුරකින් ද, සංඝාවාසයකින් ද යුක්ත වේ. අප විහාරස්ථානයේ ශාස්ත්‍රවේදී පොල්ගොල්ලේ මංගල හිමිපාණන්ගේ මඟපෙන්වීමෙන් දර්ශනීය පුදබිමක් ලෙස සංවර්ධනය වී තිබේ. අපේ පන්සල ආගමික අධ්‍යාපනික හා සංස්කෘතික සේවාවන් ඉටු කරමින් තලකිරියාව පුරාණ විහාරය නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත.


අනගාරික ධර්මපාලතුමා

ජාතියේ අභිමානය යි
ලෝකයේ නව ජීවය යි
මව්බිමේ එකමුතු බවයි
ජාතියට පණ දුන් වගයි

ලෝකයක් දිනව පු
මේ අපේ රට හැ දූ
ධර්මපාලතු මා
ගිය මග අපිත් යමු


රූපය පෙණ පිඬකි

අපගේ රූපස්කන්ධය පෙණ පිඬක් ලෙස සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. පෘථග්ජන මිනිසුන් වශයෙන් මේ සමාජයේ ජීවත් වන අය මෙය තේරුම් ගැනීමට අකැමැති ය. සමහරු බොහො ම වෙහෙස මහන්සි වී උපයා ගන්නා ලද ධනය මේ අනිත්‍ය වූ ශරීරය සරසා ගැනීමට අප්‍රමාණ ලෙස වියදම් කරති. යම් පුද්ගලයෙකු උපයා ගන්නා ලද ධනයෙන් වැඩි කොටසක් ශරීරයෙහි අලංකෘතබව සංවර්ධනයට යොමුකරන අතර, සුළු මුදලක් දනට පිනට යොමු කරයි.

අපහට අවසානයේ ඉතිරිවන්නේ අප කරන පින් පව් ය. අනිත්‍ය දෙයක් වෙනුවෙන් කැප කරන ලද ධනය, කාලය, ශ්‍රමය පිනට දහමට යෙදවීමෙන් කෙ තරම් ඵලයක් අත්වේ ද? බුදුදහම මැදුම් පිළිවතෙහි පවතින දහමකි. අප ශරීරය පවත්වා ගෙන යා යුත්තේ එහි අනිත්‍යතාවය අවබෝධකරගෙන ය. කෙ තරම් ධනය වියහියදම් කරමින් කය සැරසුව ද, ධර්ම නියාමය මඟ හැරීමට අප කාටවත් හැකියාවක් නැත. එ නිසා නිරන්තරයෙන් ලෝකෝත්තර සැපය සළසා ගැනීමට නැඹුරු වෙමු.


නිවසේ දෙව්දුව අම්මා

දසමසක් කුස හොවා මා බිහි කළ අම්මා
ලේ බිඳත් කිරි වෙලා ඔබේ සෙනෙහසට අම්මා
ආදරයේ උල්පත නමින් නම් ලද අම්මා
නිවසේ එකම දෙව්දුව විය නුඹයි මගේ අම්මා

බහ තෝරන දිනේ කියූ මුල් වදනයි අම්මා
හොඳ නරක කියාදුන් දෙව්දුව අම්මා
මගේ සතුට වෙනුවෙන් දිවි කැපකළ අම්මා
නිවනින් නිවී සැනසෙන් ආදර අම්මා


බෞද්ධ කොඩිය


අනගාරික ධර්මපාලතුමා


අපේ ගම