UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මීගහතැන්නේ විවේකාරාමය

මීගහතැන්නේ විවේකාරාමය

කළුගලෙන් නිර්මාණය කළ චෛත්‍යය
 
සම්බුදු මැදුර
 
බෝ සමිඳු
 

ආදී කර්තෘ පරිවේණාධිපති
ශ්‍රී සරණංකර හිමි
 
 ඕපාත
ඤාණිස්සර හිමි
 

ගාල්ල ඇල්පිටිය ඕපාත ගම් පියසේ 1958 සැප්තැම්බර් 20 වෙනි දින මෙලොව එළිය දුටු අදිමාලි කංකානම්ගේ ජයසිරි නම් ළදරුවා නිසි වයසට එළඹීමෙන් ඇල්පිටිය ඕපාත සීවලී කනිෂ්ඨ විද්‍යාලය හා ඇල්පිටිය විහාර මහා දේවි පිරිවෙනෙහි මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබන අතරතුර මව්පියන්ගේ අවසරය ලබා 1968 මාර්තු 15 වෙනි දින ඕපාත තපස්ලෙන් විහාරාධිපති වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය.

1972 දී කළුතර දිස්ත්‍රික්කයේ පස්දුන් කෝරළයේ මීගහතැන්න විවේකාරාම විහාරස්ථානයේ විද්‍යාරාම විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වූ ඕපාත ඤාණිස්සර හිමිපාණෝ පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කළහ.

එහිදී අ.පො.ස. (උසස් පෙළ) සහ ප්‍රාචීන මධ්‍යම විභාග සමත් වූහ. පසුව ශාස්ත්‍රවේදී උපාධිය 1985 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ද ශාස්ත්‍රපති උපාධිය 1990 ද බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ද, පිරිවෙන් ගුරු පත්වීම 1985 දී ලබා1991 පරිවේනාධිපති ධූරය භාර ගැනීමට සිදුවිය. 1991 සිට 2018 සැප්තැම්බර් 20 වෙනි දින දක්වා වසර 27 ක් සේවය කිරීමෙන් අනතුරුව 2018 වර්ෂයේ විශ්‍රාම ගැනීමට නියමිත ය.

මීගහතැන්න විවේකාරාම විහාරාධිපති ඕපාත ශ්‍රී සරණංකර මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 2011 එම විහාරස්ථානයේ විහාරාධිපතිධූරයට පත්වූහ. මෙහි ගරා වැටී තිබුණු බුදු කුටි, බෝධි ප්‍රාකාරය, අටවිසි බුද්ධ මන්දිරය නවීකරණය කිරීම හා අනෙකුත් අවශ්‍ය අංගෝපාංග සියල්ල ඉතා කෙටිකාලයක් තුළ උන්වහන්සේගේ දැඩි උත්සාහය නිසා සම්පූර්ණ කිරීමට හැකිවිය. මීගහතැන්න විවේකාරාම විහාරස්ථානය සියලුම විහාරාංගයන්ගෙන් අංග සම්පූර්ණ ස්ථානයක් බවට පත්කළා සේ ම, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කිහිපනමක් පැවිදි කළහ.

දායක දායිකාවන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්ව සිටින ඕපාත ඤාණිස්සර මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ විශ්‍රාම ගැනීම හා 60 වන ජන්ම දිනය නිමිත්තෙන් සැප්තැම්බර් 20 වෙනි දින පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

සෙල් ලිපිය
 
සංඝාවාසය
 
ධර්ම ශාලාව
 
 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 08 වනදා සඳුදා පූර්ව භාග 11.35 ට ලබයි.09 වනදා අඟහරුවාදා පූර්ව භාග 09.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය

ඔක්තෝබර් 16 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]