UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමින් වහන්ස /දුවේ, පුතේ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


ළමා සමාජයේ සාමාජිකයෝ

397. එම්. චන්දවිමල හිමි
02 ශ්‍රේණිය
ශ්‍රී මෙත්තාරාමය

398. කේ.ජී. හිරුක්ෂි තක්ෂිලා
9 ශ්‍රේණිය
ශාන්ත ඇන්ඩෲ විදුහල - ගම්පහ

399. තුලනි කවීෂා කුමාරසිංහ
9 ශ්‍රේණිය
ආනන්ද මෛත්‍රී විදුහල - රත්නපුර

400. එච්.ජේ. මනෝහරි කාව්‍යා නිශ්ශංක
9 ශ්‍රේණිය
ශ්‍රී කවිධජ භාවනා මූලස්ථ සිරිසේන දහම් පාසල
රාවතාවත්ත

401. සූරියවැව චන්දරතන හිමි
2 වසර
ශ්‍රී සුමන සාමණේර ආයතනය - හඳපාන්ගොඩ


භද්දකච්චායනා තෙරණිය

දඹදිව දෙව්දහනුවර සුප්ප්‍රබුද්ධ රජු හා අමිතා වූ බිසවගේ දියණියක භද්දකච්චායනා උපන්නේ අපබෝසත් සිදුහත් කුමරු උපන් වෙසක් පුන් පොහෝදා ය. ඕ බිම්බා, යසෝධරා, රාහුල මාතා, නමින් ද ප්‍රසිද්ධ ය. සිදුහත් බෝසතුන්ගේ අගමෙහෙසිය වූ ඕ තමෝ ස්වාමියා පැවිදි වූ ඇසළ පුන් පොහෝ දින ම උපන් රාහුල කුමරු රැකබලා ගනිමින් ශීලයෙහි පිහිටා විසී ය. බෝසතාණෝ බුදුබව ලබා කිඹුල්වත් පුරයට වැඩි දිනයේ ස්වාමි භක්තිය උතුරා යමින් නරසීහ ගාථා මඟින් බුදුරඳුන්ගේ ගුණගායනා කළා ය. පිය සෙනෙහස හා දායාද ඉල්ලන්නැයි රාහුල පුතු බුදුරඳුන් වෙත යැවී ය. එවිට රාහුල කුමරු විහාරය වෙත ම රැගෙනගොස් සැරියුත් මහතෙරුන් විසින් පැවිදි කරවන ලදී. පසුව නන්දකුමරු, මහා ප්‍රජාපති ගෝතමි, ජනපද කල්‍යාණි යන පිරිස ද පැවිදි වූයෙන් යසෝධරාදේවිය ද භද්දකච්චායනා නමින් පැවිදි වී රහත්ඵලයට පත් විය. පතිවතරැකි වීර කාන්තාවක් වශයෙන් ද, භික්ෂුනී ශාසනයේ ආදර්ශමත් තෙරණියක් වශයෙන් ද පිදුම් ලැබුවා ය. අභිඥාලාභීන් අතරින් අග්‍රස්ථානය දැරු භද්දකච්චායනා මහතෙරණින් වහන්සේ හැත්තෑ අටවන වියේ දී පිරිනිවන් පා වදාළ සේක.


මව්පිය සෙනෙහස

මවට සම කරන්නට කිසි කතක් නැතේ
පියා හට සම කරන්නට කිසි පිරිමියෙකු නැතේ
මව්පිය දෙදෙනාට සම කිසිවෙකු ම නැතේ
මහ සාගරය වැනි මහ සෙනෙහසක් ඇතේ

බහ තෝරනා විට පිටවන මුල් වදන
අම්මා යන බව කාටත් වටිනව ඔන්න
ළමා ලොවේ විරුවා කවුරුත් දන්න
පියතුම මිසක් වෙන කවරෙකු නොව ඔන්න

මව සහ පියාගේ හුස්මයි අප ගන්නේ
මව සහ පියා යන මගමයි අප ගන්නේ
මව්පිය සෙනෙහස මැනවින් දැක ගන්නේ
මව් පිය ගුණ කඳ නිතරම පවසන්නේ


උපේක්ඛා විහරණය

උපේක්ඛා යනු ඇලීමෙන් ගැටීමෙන් තොර මැදහත් බව ය. පි‍්‍රයජනක වස්තු, සිද්ධි, පුද්ගලයින් නිසා විශේෂ පී‍්‍රතියකටත්, උද්දාමයකටත් පත්වීම හෝ කම්පා නොවීම උපේක්ෂාව ය. නොදැනුවත්කමට, අවබෝධයෙන් තොර ව යමකට ඇල්මක්, නොදැක්වීම උපේක්ෂාව නොවේ. අවබෝධයෙන් යුතුව යමකට ඇලීමෙන් තොරව මැදිහත් ව සිත පිහිටුවා ගැනීම තවදුරටත් උපේක්ෂාව යනුවෙන් හැඳින්විය හැකි ය. මේ ස්වභාවය සිත තුළ වර්ධනය කිරීමට උපේක්ෂා භාවනා ද වැඩිය යුතු ය. උපේක්ෂා ගුණය සිත පුරා පුරවාගෙන වාසය කිරීම උපේක්ඛා විහරණය යි. මෙසේ ලියැවුණු උපේක්ෂා විහරණය ද මෙත්තා, කරුණා, මුදිතා යන විහරණ ද අප මව්පියන් සතු ය. එනිසා මව්පියන් බ්‍රහ්ම නාමයෙන් ද හඳුන්වයි. මේ සතර බ්‍රහ්ම විහරණ පුද්ගල ජීවිත අර්ථවත්, ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත්කරන ශ්‍රේෂ්ඨ ගුණධර්මයෝ ය.


ගෞතම බුදු සමිඳු

කුණාටුවක් පැමිණෙන්නේ
නැව මුහුදු බත් වන්නේ
මව්තුමිය බේරා ගන්නේ
විවරණ නිති ලැබ ගන්නේ

දීපංකර බුදු සමයයි එය
ඒ බවයේ සුමේධ නම් විය
පාර සකස් කරමින් සිට
බුදු වීමට පිරූ පෙරුදම් සඵල විය

පෙරදින ගිහි ගෙය හැරයයි
බුද්ධත්වයට පාරමී දම් සපිරෙයි
වීරියෙන් දිනා සම්බුදු බවට පත්වෙයි
ගෞතම බුදු සමිඳු සැමට සෙත ගෙන දෙයි


මහමිත්ත තෙරුන්ගේ සත්‍ය ක්‍රියාව

මහමිත්ත හිමියන්ගේ මෑණියෝ ශරීරයේ හටගත් විසර ගෙඩියක් නිසාවෙන් බොහෝ පීඩාවට පත්වූහ. ඇයගේ දියණිය ද ඒ වන විට භික්ෂුණියකි. ඉතා කටුක වේදනාව ඉවසාගත නොහැකි වූ ඒ මව දියණිය වූ භික්ෂූණීන් වහන්සේ ලවා පුතණුවන් වූ මහමිත්ත තෙරුන්ට තමාගේ අසනීප තත්ත්වය පවසා පණිවිඩයක් යැවී ය.

තෙරුන් මෙසේ වදාළහ. නැගණියනි, මම බෙහෙත් කිරීමට නො දනිමි. නමුත් මම පැවිදි වූ දින සිට කිසිදු දිනක ලෝභ සිතින් යමක් මා සතු කර ගන්නා ආශාවෙන් කිසිදු වස්තුවක් හෝ කෙනෙකු දෙස නො බැලූ බව සත්‍යය යි. ඒ සත්‍ය බලයෙන් මගේ මෑණියන් සුවපත් වේවා, යැයි සත්‍යයක් ක්‍රියාවක් සිදු කළහ. ඉන්පසු උන්වහන්සේ භික්ෂුණී නැඟනියට වදාළේ ‘මාගේ මේ සත්‍ය ක්‍රියාව සිහි කරමින් මෑණියන්ගේ සිරුරේ වේදනා දෙන තැන් පිරිමදින ලෙසයි. එසේ කළ සැණින් ඒ මෑණියෝ සුවපත් වූහ. සතුටට පත් ඒ මව කියා සිටියේ අනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් මගේ පුතාගේ හිස අත ගා ආශිර්වාද කරනවා ඒකාන්ත යි. යනුවෙනි.


කිරිපිඬු දානය පූජා කිරීම

පළමු දහම් දෙසුම

එම්.ඒ. ගීත් මින්සර
3 ශ්‍රේණිය
සුවිශුද්ධාරාමය, වැල්ලවත්ත
එම්.ඒ. සහිර දියුණුක
7 ශ්‍රේණිය
සුවිශුද්ධාරාමය, වැල්ලවත්ත.

 

දිය ඇල්ලක්

ගැමි නිවස

එම්.අනුසස් උමයංග
මූලික ශ්‍රේණිය
ශ්‍රී ප්‍රඥානන්ද මහා පිරිවෙන, මහරගම

 

එම්. සුදස්සන හිමි
1 ශ්‍රේණිය
ශ්‍රී සුමන සාමණේර ආයතනය, වෙහෙරයාය

 

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 08 වනදා සඳුදා පූර්ව භාග 11.35 ට ලබයි.09 වනදා අඟහරුවාදා පූර්ව භාග 09.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය

ඔක්තෝබර් 16 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]