Print this Article


සීදුවේ සුමනවංස හිමියන්ගේ ජන්ම දිනයට පින්කම් මාලාවක්

සීදුවේ සුමනවංස හිමියන්ගේ ජන්ම දිනයට පින්කම් මාලාවක්

සීදුව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, අමරපුර මහානිකායේ අමරපුර පාර්ශවයේ සම්මාන ප්‍රධාන සංඝනායක පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාවක් 35 වෙනි වරටත් පැවැත්වීමට නියමිතව තිබුණි.

මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරස්ථානයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඇතුළු සමස්ත ලක්වැසි සැමට සෙත්පතා විශේෂ ආශිර්වාද පහන් පූජා, අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පින්කම් මාලාවක් පැවැත්වීමට නියමිතව තිබිණි. ආශිර්වාද පූජාව පිළිකුත්තුව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති යක්කඩුවේ රාහුල නාමියන් විසින් පැවැත්වීමට නියමිතව තිබිණි. මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදා, පොලිස් විශේෂ ආරක්ෂක නිලධාරීන් ඇතුළු ගිහි පැවිදි, දායක දායිකා පින්වතුන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිත විය.