Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බියගම අංක 518 ඒ,ඉහල බියන්විල, කඩවත පදිංචි නිහාල් වික්‍රමසිංහ මහතා අවු 57 , වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ, මාලිගාවත්ත ජාතික වකුගඩු ඒකකයේ වෛද්‍ය නාලක ගුණවංශ මහතා තීරණය කර ඇති බව කියයි. ඒ සඳහා වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙක් වෙතොත් දුරකතන අංක 0723574032,0775912072 වෙතින් අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

පොළොන්නරුව , දියසෙන්පුර නගරයේ පදිංචි එච්.පී. විජේසිරි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට “ ඒ පොසිටිව්” හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව පොළොන්නරුව ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව දහනායක මහතා නිර්දේශ කර ඇති බවද කියයි. ඔහුට “ඒ පොසිටිව්” හෝ ‘ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කර තිදරු පියාගේ ජීවිතය බේරාගැනීමට සහාය දෙන මෙන් ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 070-2966151,076-6428323 යන දුරකථනයන්ගෙන් විමසිය හැකි බවද කියයි.

****

ඕ පොසිටිව් ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් ලබා දීමට කැමති පින්වතෙක් වෙතොත් කරුණාකර අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 078-8336788/0783913917