Print this Article


කොහුවල ධාතුමළු විහාරයේ දී දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරයේ දී දම් දෙසුම්

කොහුවල ශ්‍රී ධාතුමළු විහාරයේ දී ඉකුත් ජූලි මස ඇරැඹුණු දිනපතා ධර්ම දේශනා මාලාව නොවැම්බර් මස 22 වනදා දක්වා පැවැත්වේ.

ඒ අනුව දින 117 ක් පුරා පැවැත්වෙන එම ධර්ම දේශනා මාලාවට අමතරව දිනපතා සවස 6 ට ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව 6.30 ට ධර්ම දේශනාව පැවැත්වීමට පිටිගල සෝණුත්තර හිමියෝ කටයුතු යොදා ඇත.

ඔක්තෝබර් 2 වනදා සිට හඟරාපිටියේ මෛත්‍රී හිමි, 03 වනදා දර්ශනපති කුඩාකත්නෝරුවේ විනීත හිමි. 4 වනදා ශාස්ත්‍රපති වල්පොල පියරතන හිමි 5 වනදා පිටිගල උත්තම ඤාණ හිමි 6 වනදා වලානේ සිරිසුමන හිමි 7 වනදා පිටිගල පඤ්ඤාරතන හිමි 8 වනදා තුම්බෝවිල ධම්මරතන හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.