Print this Article


පිටවල සද්ධාවිසුද්ධි හිමියන්ගේ පැවිදි දිවිය සමරා පින්කම්

පිටවල සද්ධාවිසුද්ධි හිමියන්ගේ පැවිදි දිවිය සමරා පින්කම්

පානදුර, දිබ්බැද්ද, නාරම්පිටිය ශ්‍රී අමරමුණි විහාරාධිකාරී පිටවල සද්ධාවිසුද්ධි හිමියන්ගේ දිවි මඟට වසර හැට පහක් හා පැවිදි දිවියට වසර පනහක් සපිරීම සැප්තැම්බර් 01 දිනට යෙදී තිබිණි.

උන්වහන්සේ විසින් ඉටුකරන ලද ආගමික, සාසනික හා සාමාජීය මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේට නිරෝගී සුවය හා චිර ජීවනය පතා විහාරාධිපති ශාස්ත්‍රවේදී විශ්‍රාමලත් පරිවේණාධිපති රණමුරේ නන්දසාර නා හිමියන්ගේ අනුශාසනා පරිදි හා ශාස්ත්‍රපති අයගම සුසීල හිමියන්ගේ මඟ පෙන්වීමෙන් විහාරස්ථ සියලුම සමිති සංවිධාන හා දිව්බැද්ද, වෙන්දේසිවත්ත, නාරම්පිටිය ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් ද, පිටවල ප්‍රදේශයේ ඥාතීන්ගේ ද සහභාගිත්වයෙන් එදින සවස බෝධි පූජා පින්කමක් හා ඉන්පසු සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විමටත්, පසුදින මහා සංඝයා වහන්සේ විෂයයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමටත්, ඊට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන ලේ දන්දීමේ පින්කමක් හා පූර්ණ වෛද්‍ය සායනයක් පැවැත්වීමටත් කටයුතු සංවිධානය කර තිබිණි.