Print this Article


බුදුසරණ ප්‍රහේලිකා අංක 03 හි ජයග්‍රාහිකාවට ධර්ම ග්‍රන්ථ කට්ටලයක්

බුදුසරණ ප්‍රහේලිකා අංක 03 හි ජයග්‍රාහිකාවට ධර්ම ග්‍රන්ථ කට්ටලයක්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අනුග්‍රහයෙන් පළ වූ බුදුසරණ ‘ප්‍රහේලිකා අංක 03 හි ජයග්‍රාහිකා පයාගල, ගල්ලනමුල්ල අක්කර 08 හි පදිංචි ලලිතා පී පෙරේරා මහත්මියට පසුගියදා ලේක්හවුස් ආයතනයේ දී ධර්ම ග්‍රන්ථ කට්ටලයක් පිරිනැමිණි.

පිරුවානා පොත් වහන්සේ, සප්ත බොජ්ඣංගය, මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් රචිත ‘බුදුන් වදාළ ධර්මය ග්‍රන්ථය ද ඇතුළු වටිනා ධර්ම ග්‍රන්ථ රැසක් ඊට ඇතුළත් විය.

බුදුසරණ ප්‍රහේලිකාව ඉදිරිපත් කිරීම මහාචාර්ය කිවුලේ ගෙදර නාරද හිමියන්ගේ අනුශාසකත්වයෙන් කේ. එල්. ඒ. රණසිංහ මහතා විසිනි.

ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව ප්‍රාග්ධන) ලාල් පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පරිපාලන) සුභාෂ් කරුණාරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) වී. එස්. බොයිස් යන මහත්වරුන් අතින් ලලිතා පී. පෙරේරා මහත්මිය තමන්ට හිමි ධර්ම ග්‍රන්ථ කට්ටලය ලේක්හවුස් ආයතනයේ දී ලබා ගත් අයුරු.