Print this Article


පල්ලේවෙල සාරද හිමියෝ අනුනායක පදවි ලබති

පල්ලේවෙල සාරද හිමියෝ අනුනායක පදවි ලබති

ආචාර්ය පල්ලේවෙල සාරද අනුනාහිමියන්ගේ ශාසනික,ජාතික.ආගමික. ජාත්‍යන්තර සේවාවට උපහාර වශයෙන් උඩරට අමරපුර මහා නිකායේ විනයවාදිනී කාරක සංඝ සභාව මගින් එම නිකායේ අනුනායක ධුරය සඳහා පත්කරන ලදුව එහි අක්තපත්‍ර ප්‍රදානෝත්සවය ශාස්ත්‍රපති නුවරඑළියේ චන්දජෝති මහා නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරවෙල පුරහලේදී පැවැත්විණි. එහි දී පූජනීය මහා සඟ රුවන සහභාගි වූ අතර අක්ත පත්‍ර පිළිගැන්වීම බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අතින් සිදු කෙරිණි. විජිනි පත පිළිගැන්වීම ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ සුරතින් සිදු විය. ප්‍රථම ප්‍රසාද පූජාවඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, බණ්ඩාරවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ නගරාධිපති නලින් පි‍්‍රයන්ත සූරියගේ මහතා ඇතුළුව සිදු කරන ලදී.