Print this Article


නීලගිරි ශ්‍රී සර්වඥධාතු වන්දනා පින්කමක්

නීලගිරි ශ්‍රී සර්වඥධාතු වන්දනා පින්කමක්

පුරා විද්‍යා කැණීම් වලින් සොයා ගන්නා ලද නීලගිරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා බෞද්ධ සැදැහැවතුන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත උඩුගම්පොල දොරණාගොඩ ශ්‍රී සුමතින්දාරාම පුරාණ රජ මහා විහාරස්ථ භද්‍රානන්ද මහ පිරිවෙනේදී ඔක්තෝබර් මස 05,06,07 යන තෙදින තුළ ප්‍රදර්ශනය කිරීමට කටයුතු සලසා ඇත.

ඔක්තෝබර් මස 05,06,07 යන තෙදින තුළ පෙරවරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එම තෙදින තුළ ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා හා අටපිරිකර සෙසු පිරිකර සහිතව ආශිර්වාදාත්මක බෝධි පූජාවද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.