Print this Article


මානව හිතවාදී සමාජයකට දම්පල් චින්තනයෙන් . . .

මානව හිතවාදී සමාජයකට දම්පල් චින්තනයෙන් . . .

ජාතික පනතින්...

* බියගුල්ලා කීපවිටක් ම මැරෙතත් වීරයා මැරෙන්නේ එකවිටක් බව සිතනු

* මරණය බය විය යුතු ස්ථානයක් නොවන බව උගන්වනු

* තමා කරා හොඳ හෝ නරක පැමිණෙතත් යුතුකම ඉටු කිරීමට ප්‍රමාද නොවෙනු

* මොහොතක්වත් නිකරුණේ ගත නො කිරීමට සිතට ගනු

* කැසපටගසා කුඹුරට බැස කරන ගොවිකම, රජකමට වඩා උසස් යැයි සිතනු

* වෙළඳාම, ගොවිතැන, හස්ත කර්මාන්ත, ආණ්ඩුවේ තනතුරුවලට වඩා උසස් බව සිතනු

* විදේශීය භාෂා, ශාස්ත්‍ර ඉගෙනීමටත්, ඉතිහාසය, වීර චරිත ඉගෙනීමටත්, දේශනයටත් කුඩා කල පටන් ස්වකීය දූ පුතුන් මෙහෙයවනු.

* මේ අමුතු රටකි, මේ අමුතු භාෂාවකි, මේ අමුතු වර්ගයකි යන හුඹස් බිය සිත් තුළින් දුරලනු.

* සෑම තැන ම එඩිතර ව ක්‍රියා කරනු

* ආදායම අනුව වියදම පිළියෙළ කරනු

* තමාට ප්‍රයෝජනවත් නැති දෙය අඩු මිලට වුවත් නො ගනු

* පරදේශීන්ගේ වුවත් යහපත් දේ අනුගමනය කරනු

* ස්වකීය ජාතික, ආගමික ප්‍රතිපත්ති වෙනස් නොකරනු

* රහසේ වුවත් පව් නො කරනු

* පස් පව්, දස අකුසල් නො කිරීමට තරයේ අධිෂ්ඨාන කර ගනු

* වචනයක අගය සලකනු. නිකරුණේ කතා නොකරනු

* ජීවිතයාගේ කෙළවර මරණය ඇති බැව් සිතා ඉතා යුහුසුලුව සිය යුතුකම් ඉටු කරනු

* ස්වකීය ඉරියව්වලින් අන්‍යයන්ගේ සිත් නොරිදවීමට පරෙස්සම් වෙනු

* දියුණු වූ රටවල ජාතික ඉතිහාසය කියවනු

* දුප්පතුන්ට පිහිට නැති පොහොසතුන් ඉතා පහත් කොට සිතනු

* වත් පොහොසත්කමට හෝ මුදලට හෝ බල පුළුවන් කාරකම් වලට නොව නැණ, ගුණ, ප්‍රතිපත්ති, නිහතමානී ගති ආදියට ගෞරව කිරීමට පුරුදු වෙනු

* පහත් සතුන්ට වද දීම හා ඔවුනගේ මස් කෑම ද අන්‍යයන්ට කරදර හිරිහැර කිරීම ද , වසල ගතියක් බව සිතනු

* තමාගේ ජීවත්වීම අන්‍යයන්ට කරදරයක් හිරි හැරයක් නොවීමට වග බලා ගනු

* ස්වකීය ඉඩම් කඩම් මුඩු වී තිබීමට ඉඩ නොදී, හැකිතරම් වගා කිරීමට කටයුතු යොදනු