Print this Article


පෝදා පින්කම්

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි බිනර පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා, ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

එහි වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහාරාම ධම්මසාර, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

****

ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරය

විහාරාධිපති, කම්මට්ඨානාචාර්ය මහමෙවුනාවේ මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි බිනර පෝදා ශීල භාවනා වැඩසටහන පැවැත්වේ. උදේ 05.30 – 06.15 සීල සමාදානය, සම්බුද්ධ වන්දනාව, කුරුණෑගල ධම්මකුසල හිමි, 6.15 – 7.00 අනුශාසනාව හා භාවනාව කම්මට්ඨානාචාර්ය මහමෙවුනාවේ මංගල හිමි, 08.00 – 09.00 ධර්මදේශනාව කම්මට්ඨානාචාර්ය මහමෙවුනාවේ මංගල හිමි, 9.00 – 11.00 දම් දෙසුම පොකුණුවිට විනයාලංකාරාමවාසී, ශාස්ත්‍රපති පැලැන්වත්තේ ධම්මරක්ඛිත හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව ලුණුවත්තේ කස්සප හිමි. පස්වරු 12.30 – 01.00 බොජ්ඣංග පිරිත් දේශනය වැටකේදෙණියේ ගෝතම හා මාවනැල්ලේ රේවත හිමිවරු, 1.00 – 02.15 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත රන්මිණිතැන්නේ සිරිසුමන හිමි, 02.30 – 04.00 ධර්මසාකච්ඡාව දේශබන්ධු සිරිසේන ලියනආරච්චි මහතා, 04.00 – 05.00 දහම් දෙසුම උඩපෝරුවේ රතනසාර හිමි, 05.30 – 06.30 බෝධි පූජාව වැලිමඩ ධම්මික හිමි.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනෙසුනෙහි පෝදා වැඩසටහන මෙසේ ය. පෙරවරු 7.00 සීල සමාදානය හා අනුශාසනාව මිරිස්සේ ධම්මික නා හිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව මිරිස්සේ ධම්මික නා හිමි, 8.15 – 10.00 භාවනාව මෙහෙයවීම මිරිස්සේ ධම්මික නා හිමි, 10.00 – 11.00 ධර්ම දේශනය මිරිස්සේ ධම්මික නා හිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්ම දේශනය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ඉඟුරේ පඤ්ඤාසේකර හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය කොටළුවේ පුඤ්ඤානන්ද හිමි, 5.00 – 6.00 ධර්මදේශනය අලුත්වෙල ධම්ම සති හිමි. ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් බෙදා දීම. රාත්‍රී 7 ට අටවිසි බුද්ධ පූජාව පැවැත්වේ.

****

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 5.45 ක්ෂිරපායාස බුද්ධ පූජාව 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව, නාමල්ගමුවේ විජයසීල හිමි, 9.00 – 9.30 භාවනාව, 9.30 – 10.30 ධර්ම දේශනාව ලේනව මංගල හිමි, 10.30 – 11.00 දෙතිස්ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 පුණ්‍යානුමෝදනාව සහ ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව සෝමපුර සිරි සුධම්ම හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව දිගන සුගතවංශ හිමි සමඟ මහකෙළියේ ලොකු ස්වාමීන් වහන්සේ, 5.00 කරණීයමෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය. 6.30 – ඖෂධ 108 යුක්ත සම්බුද්ධ පූජාව.

****

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහාවිහාරය

බිනර පෝදා පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධ පූජාව, 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 – 10.00 පෙරවරු ධර්මදේශනාව මොරගොල්ලේ ධම්මවංශ හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහා පිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 - 11.30 දිවා බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී,විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු, 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය දෘෂ්ටි විශේෂඥ වෛද්‍ය එම්. විජේතුංග මහතා, 3.00 – 4.00 පස්වරු ධර්මදේශනාව නාලන්දේ විමලසිරි හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව, 5.00 – 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව ඇතිමලේ සීලානන්ද හිමි.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව මතුගම සන්තසිරි හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.00 – 11.15 පැනසිහ සිසුදිරි ශිෂ්‍යත්ව ප්‍රදානය පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ වාරියපොල ධම්මශාන්ත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම සංජය හෙට්ටිගෙදර මහතා 3.00 – 4.00 ධර්ම දේශනාව හෙණ්ඩුවාවේ ධම්මදීප හිමි, 4.15 – 5.00 ධම්මපදය වතුරුගම ධම්මජීව හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සී හිමි, 6.00 - 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි,

****

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහාවිහාරස්ථානයේදී පොහෝදා, ශීල, භාවනා, ධර්ම දේශනා පින්කම් මාලාවක්, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක, උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව,තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව ශ්‍රී ජයශේඛරාරාමවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 සිට 10.15 ධර්ම දේශනාව ශ්‍රී ජයශේඛරාරාමවාසී, ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 – 12.45 සෙත් පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසි, ස්වාමීන්වහන්සේලා 1.00 – 2.00 මාසිකරැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්ම දේශනාව තලල්ලේ ධම්මදේව හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍රදේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය අමුහේන කන්දේ නන්ද හිමි 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව

****

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ දී බිනර පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය, 9.15 ධර්ම දේශනය 10.30 බුද්ධ පූජාව බොරලුකන්දේ ඤාණින්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය 4.00 ධර්ම දේශනය 5.00 බෝධි පූජාව බොරලුකන්දේ ඤාණින්ද හිමි, 6.00 සිල් පවාරණය.

****

ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ බිනර පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කණුබිච්චියේ රතනජෝති හිමියන් සංවිධානය කරති.

පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ශාස්ත්‍රපති පණ්ඩිත මල්වානේ චන්දරතන හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා, 10.30 බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති කිරම විමලතිස්ස හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය ශාස්ත්‍රපති පණ්ඩිත මල්වානේ චන්දරතන හිමි, හිටපු මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 4.00 භාවනා වැඩසටහන ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.

****

ශ්‍රී සම්බෝධි විහාරස්ථානය සහ බෞද්ධයා රූපවාහිනී වැඩසටහන් මාලාව

පෝදා පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පුජාව, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජලයේ සභාපති බොරලන්දේ වජිරඤාණ හිමි 6.00 – 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව බොරලන්දේ වජිරඤාණ හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව කන්දේකුඹුරේ රාධ හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව අගලකඩ සිරිසුමන හිමි, 11.00 – 11.30 ව්‍යාංජන 108 කින් යුත් දහවල් ශ්‍රී සම්බුද්ධ පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 පොහෝදින විශේෂ ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, සහන් වනිගරත්න මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නා හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව බුද්ධංගල ආනන්ද හිමි, 5.30 – 6.00 මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය මහරගම පදුම හිමි.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී බිනර පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පුජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම ගනේලන්ද රජමහ විහාරාධිකාරී ගැමුණුපුර සෝමවංශ හිමි, 9.00 – 10.00 ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසි මඩිහේ සුගතසිරි හිමි, 11.00 දවල් බුද්ධ පූජාව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී මීතලාවේ විනීත හිමි, 2.15 – 3.00 ධම්මපදය, 3.00 – 5.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී ගල්නෑවේ සුගතවිහාරි හිමි, සවස 6.00 සිට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.

****

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී බිනර පෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. එදින උදෑසන සිල් සමාදන් කරවීම, මල්, පහන්, ගිලන්පස හා කිරි ආහාර පූජාව ෂඩ්වර්ණ සාඨකයක් ශබ්ද පූජා මධ්‍යයේ වැඩම කර චෛත්‍යයේ පැළඳවීම ද සිදු කෙරේ. උදේ ධර්මදේශනාව ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේදී පැවැත්වේ. සවස මහාසේන සිල් සමිතියේ මල්පෙරහර චෛත්‍ය මළුවේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ මල්පහන් ගිලන්පස හා අටපිරිකර පූජාකර බෝධී පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. සවස පහන් 5000 ක ආලෝක පූජාව කිරිවෙහෙර තුන්වැනි මළුව සමීපයේ පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.

****

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන බිනර පෝදා ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය. පෙරවරු 06.15 – 07.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම. පනාපිටියේ විජිතනන්ද හිමි, 7.30 – 9.45 ධර්මදේශනාව, භාවනාව මැල්සිරිපුර ධම්මපාල හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව මාලිම්බඩ පඤ්ඤසාර හිමි, පස්වරු 1.00 – 2.45 ධර්ම දේශනාව කොටනෙළුවේ පඤ්ඤානන්ද හිමි, 3.00 – 4.30 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි, 4.30 ධර්මදේශනාව ගම්පහ මහානාම හිමි, 6.15 – 07.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේ පැවැත්වූ බෝධි පූජාව (පටිගත කරන ලද) 7.00 – 8.30 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවවන නව අරහාදී පහන් පූජාව. 8.15 සිට පසුදින උදෑසන 6.00 දක්වා මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව මෙහෙය වීම මහමෙවුනාවේ මංගල හිමි.

****

බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහානා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව මහරගම ධර්මායතනස්ථ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත උල්ලිදුවාවේ විනයධම්ම හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 10.00 – 11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, පස්වරු 12.15 – 01.15 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරී, සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂ කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 2.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 4.00 – 5.00 ගිහිදේශනාව මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්පකුමාර කඳපළ ආරච්චි මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව ආරණ්‍යවාසී අලංකාරේ ධම්ම සමුද්ද හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.

****

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පුර පොහෝ දින වැඩසටහන සිදු කරනු ලැබේ.

පෙරවරු 6.30 – 7.30 උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නා හිමි, 8.30 – 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00 – 10.45 ජාතක කතා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.15 – 3.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි. 3.15 – 4.00 භාවනාව දම්පහළ ඤාණරතන නා හිමි, 4.00 – 5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය, ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා. 5.00 සිල් පවාරණය සිදු කිරීම, 6.30 – 7.30 අෂ්ටපාන අටවිසි ගිලන්පස බෝධි පූජාව හා පුණ්‍යානුමෝදනාව, දම්පහළ ඤාණරතන නා හිමි, බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදාදීමේ දායකත්වය, මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.