අගමැති 
මල්වතු අස්ගිරි 
මහ නා හිමිවරු බැහැ දකියි
			
			
			 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (08) මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා 
නිකායේ මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේ මහානායක මා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා 
ගත්තේ ය. උන්වහන්සේලා දෙනම වෙත අටපිරිකර පිළිගැන්වූ අග්‍රාමාත්‍යවරයා රටේ වත්මන් 
දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක නිරත විය. ඉන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක 
වේඬරුවේ උපාලි අනු නා හිමියන් ගෙඩිගේ රජමහා විහාරයේ දී බැහැදැක අටපිරිකර පිළිගැන්වූ 
අතර එහිදී අස්ගිරි අනුනාහිමියන්ගේ පැවිදි දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් ලියන 
ලද ගල්පිළිමය ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයා වෙත අනුනාහිමියන් විසින් ලබාදෙන ලදී. පසුව 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ 
විමලධම්ම අනුනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. ඉන් අනතුරුව රාජකීය පණ්ඩිත 
අලුත්ගම ධම්මානන්ද නා හිමියන්ගේ සුවදුක් විමසා බැලීමට ද අග්‍රාමාත්‍යවරයා අමතක 
නොකළේ ය.  
 
ඡායාරූප – තිලක් පුෂ්පකුමාර සේනානායක  |