Print this Article


සේරුවිල ස්තූප වන්දනා 29 වනදා

සේරුවිල ස්තූප වන්දනා 29 වනදා

ඓතිහාසික සේරුවාවිල මංගල මහා සෑ රදුන් අභියස ස්තූප වන්දනා පින්කම් මාලාවක් මෙම 29 දා පැවැත්වේ. මංගල රජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම පින්කම පැවැත්වේ.

ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මෙහෙයවීමෙන් එම ස්තූප වන්දනා පින්කම පැවැත්වේ. මාතෘ භූමියට ලක්වැසි සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම මූලික කරගෙන පුෂ්පෝපහාරයෙන් සේරුවිල මහසෑය වන්දනා කිරීම සිදුකරන අතර මෙදින සවස 4.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම ආගමික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.