Print this Article


අනුරාධපුර බුද්ධගයා ජාතික මහ පෙරහර

අනුරාධපුර බුද්ධගයා ජාතික මහ පෙරහර

අනුරාධපුර ශ්‍රීමත් අනගාරික ධර්මපාල බෞද්ධ මධ්‍යස්ථානය මඟින්, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් ප්‍රධාන ජාතික විරුවන් අනුස්මරණය කිරීම උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන බුද්ධගයා ජාතික මහා පෙරහර 57 වන වරටත් මෙම 17 වන දින රාත්‍රී පැවැත්වේ. අනගාරික ධර්මපාල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති කිතුල්හිටියාවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා මත බුද්ධගයා විහාරස්ථ කාර්ය සාධක සමිතිය මඟින් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල ද අනුග්‍රහයෙන් මෙම පෙරහර පැවැත්වේ.

මෙම මහා පෙරහරේ ආදි කතෘන් වහන්සේ වන අපවත්වී වදාළ ගාල්ලේ බලගොඩ සීලරතන නා හිමියන් මෙහිදී පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කෙරේ. මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම 15 වන දා සහ සැප්තැම්බර් 16 වන දින තරුණ සංවිධාන මගින් දර්ශනීය මල් පෙරහරක් ද පැවැත්වේ.

සැප්තැම්බර් 17 දින පස්වරු 7.00 ට අනගාරික ධර්මපාල බෞද්ධ මධ්‍යස්ථානය අසලින් ආරම්භ කරන පෙරහර කඩ 50 පෙදෙස, මහ රෝහල් වටරවුමෙන්, පී‍්‍රමන් මාවත මයිලගස්හන්දිය බුද්ධගයා මාවතේ සංචාරය කර නැවත මධ්‍යම රාත්‍රී පසුවී විහාරස්ථානයට ගෙවදීමෙන් බුද්ධගයා මහ පෙරහර නිමාවට පත්වනු ඇත.