Print this Article


මහරගම ශ්‍රී විපශ්‍යාරාමයේ ඇසළ මහා පෙරහර 22 දා

මහරගම ශ්‍රී විපශ්‍යාරාමයේ ඇසළ මහා පෙරහර 22 දා

මහරගම විපශ්‍යාරාම විහාරස්ථානය පිහිටුවා මෙම වර්ෂයට වසර 200 ක් සම්පූර්ණ වේ. මෙම පෙරහර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 42 වැනි වරටය. මහරගම ශ්‍රී විපශ්‍යාරාමාධිපතිව වැඩ සිට 2014 අපවත් වී වදාළ ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරය හෙබවූ ශාස්ත්‍රපති බ්‍රාහ්මණගම රතනසිරි අනු නාහිමියන් මෙම පෙරහර මංගල්‍යයේ නිර්මාතෘවරයාණෝ වන්නාහ.

1976 වර්ෂයේ මල් පෙරහරක් වශයෙන් මුලින්ම ආරම්භ කරන ලදී. මෙවර ශ්‍රී විපශ්‍යාරාමයේ ඇසළ මහා පුණ්‍යෙීත්සවය ආරම්භ වූයේ, ඉකුත් මස 31 වැනි දින කප් සිටුවීමෙනි. එදින සිට සැප්තැම්බර් මස 21 වැනි දින තෙක් දිනපතා අටවිසි බෝධි පූජා සහ ධර්ම දේශනා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මල් පෙරහර පැවැත්වෙන්නේ සැප්තැම්බර් 16 වැනි දිනය. 17 වැනි දින සර්වරාත්‍රික පිරිත් දේශනයකි. දිනපතා පහන් පූජාව, බුද්ධ පූජා ඇතුළු පින්කම් රැසකි. භික්ෂූන් වහන්සේ සිය නමකට පිරිනැමෙන දානමය පුණ්‍යකර්මයකි. සැප්තැම්බර් මස 22 වැනි දින ඇසළ මහා පෙරහර වීථි සංචාරය කරනු ඇත.

මහකුඹුක්වැව චන්දානන්ද ස්වාමීන් වහන්සේ පෙරහර පුණ්‍යොත්සවයට විධිමත් පරිද්දෙන් මාර්ගෝපදේශක්ත්වය හා අනුශාසනා ලබා දෙමින් විහාරස්ථ දායක සභාව, විශාඛා කුලඟන සමිතිය, සිරි මංගල දහම් පාසල මෙන්ම පළාත්වාසී, සැදැහැවතුන්ගේ ද, මහරගම සියලු වෙළෙඳ පූජාවෙන්ද නොමඳ සහයෝගය හා අනුග්‍රහය ලබා ගනිමින් රාජ්‍ය අනුග්‍රහය සහිත ව මෙහි වැඩ කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යාමට සමත් වී ඇත. මහරගම නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන රැසක්ද මේ පෙරහර මංගල්‍යයට දායකත්වය ලබා දෙති.