Print this Article


සදහම් අරණ

 

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමින් වහන්ස /දුවේ, පුතේ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

387. මලල්ගොඩ සෝභිත හිමි
03 ශ්‍රේණිය
ශ්‍රී සද්ධානන්ද පිරිවෙන – වලස්මුල්ල

388. බී.ඒ.ජේ. පූර්ණිමා තෙන්නකෝන්
13 ශ්‍රේණිය
ශාන්ත ජෝසප් බාලිකා විදුහල – කෑගල්ල

389. ඩී.ජී. දනිරු දෙවන්මිත්
10 ශ්‍රේණිය
ශ්‍රී ප්‍රඥාරාම දහම් පාසල - පෝරුවදණ්ඩ

390. එච්. විශ්මි සංකේතා
06 ශ්‍රේණිය
ශ්‍රී සුචරිතවර්ධන දහම්පාසල – අටාල

391. එල්.ජී. ඕෂදී කෞෂිකා බණ්ඩාර
08 ශ්‍රේණිය
විද්‍යාලෝක මහා විදුහල – රත්නපුර


සමබර සිත

ලෝකයේ හා ජීවිතයේ ස්වභාවය පිළිබඳව මනා වැටහීමක් සහිතව කවර තත්ත්වයක් හමුවේ වුව සිතෙහි සමබර බව පවත්වාගෙන යාමට ඇති හැකියාව උපේක්ෂාවයි. කුසීත බව හෝ අනුවණකම නිසා කිසිවක් ගණන් නො ගන්නා ස්වභාවය උපේක්ෂාව නොවේ. සතුටු හෝ නො සතුටු අවස්ථා හමුවේ නො සැලී මැදහත් බව මෙහි ස්වභාවය යි. උපේක්ෂා සහගත පුද්ගලයා පි‍්‍රයජනක පුද්ගලයන් හෝ පි‍්‍රයජනක වස්තු නිසා අමුතු උද්දාමයක් ඇති කර නො ගනී. එසේම, අපි‍්‍රයජනක අත්දැකීම්වලට මුහුණ දීමේ දී නො සතුටට හෝ කම්පනයට පත් නොවී සමබර මනසකින් යුතුව කටයුතු කරයි. උපේක්ඛා හෙවත් උපෙක්ෂා ගුණය දියුණු කරගත් විට ලාභ,අලාභ,යස,අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යන අෂ්ටලෝකධර්ම හමුවේ නොසැලී වාසය කළ හැකි ය.


පුදමි කුසුම්

කෙමෙන් කෙමෙන් මෝදු වෙයි හිරු මඬල
සෙමෙන් සෙමෙන් ගමන් යනවා වැව අසල
දුරින් දුරින් මට දිස්වෙන රන්වැලි සෑ කිරුළ
කුසල් වඩා දුරු කරනෙමි කෙලෙස් මළ

සුන්දර උදේ වැව් තලයම වසා ගෙන
නින්දෙන් පිබිද විකසිත වූ මල් ගොන්න
සිත් සේ නෙළාගෙන මම ඒ මල් රැගෙන
යන්නෙමි විහාරෙට බුදුහිමි පුදන්නට


කළගෙඩියේ කතාව (උපමාකතා)

කළගෙඩි හතරක් තිබේ. එකක් ඇතුළත හිස් ය. කට වසා ඇත. දෙවැනි කළයේ දිය පිරී ඇත. නමුත් කට වසා නැත. තුන්වැන්න ඇතුළත හිස් ය. කට ද වසා නැත. හතරවැන්න ඇතුළත දිය පිරී තිබේ. කටද හොඳින් වසා ඇත. බුදුරජාණන් වහන්සේ මෙම කළගෙඩි හතරට මිනිසුන් හතර දෙනෙකු උපමා කොට වදාළ සේක. පළමු කාණ්ඩය තුළ ඉන්ද්‍රිය සංවරය නැත. එහෙත් සිව්සස් දහම දනිති. ඔවුන් ඇතුළත හිස් කට වසන කළගෙඩිය බඳු ය. අනෙක් පිරිස ඉන්ද්‍රිය සංවරයෙන් යුතු ය. නමුත් සිව්සස් දහම නොදනියි. ඔවුන් ඇතුළත දිය පිරි, කට වසා නැති කළ ගෙඩි වැනි ය. තුන්වැනි පිරිස සිව්සස් දහම නොදනියි. ඉන්ද්‍රිය සංවරය ද නැත. ඔවුහු ඇතුළත හිස්, කට ද නොවැසූ කළගෙඩිය බඳු ය. ඒ වගේ ම සිව්සස් දහම මැනවින් දත්, ඉන්ද්‍රිය සංවරය ද ඇති පුද්ගලයන් ජලයෙන් පිරි, කටද වැසු කළය වැනි ය.


දහම් පාසල

s

අපේ දහම් පාසල සිරිධම්මරක්ඛිතාරාම දහම් පාසල යි. එය පිහිටා ඇත්තේ ලබුගම ගම් පියසෙහි ය. නෙළුම් මලින් පිරි අසිරිමත් පොකුණක් අප දහම් පාසල් භූමියෙහි පිහිටා ඇත. අපේ දහම් පාසල සෑම ඉරිදාවක ම පැවැත්වේ. දහම් පාසලෙන් අපට හොඳ නරක කියා දෙයි. එනිසා මම මගේ දහම් පාසලට මෙන් ම විහාරස්ථාන යට ද ගෞරවය කරමි.


අභියෝග ජය ගනිමු

අප සියලු දෙනාගේ ම ජීවිත අභියෝගවලින් පිරී ඇත. මෙලොව උපන් මිනිසාට උපතේ සිට මරණය දක්වා ම විවිධාකාර අභියෝග රැසකට මුහුණ දීමට සිදු වේ. සියලු දෙනාට ම අභියෝග පොදු වුව ද මිනිසුන් ඒවාට මුහුණ දෙන ආකාරය විවිධ ය. අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් පරමාදර්ශී චරිතය වන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය. ලොව්තුරා බුද්ධත්වයට පත්වීම අතිශයින් ම දුෂ්කර වූ අභියෝගයකි. ලෞකික පෘථග්ජන ස්වභාවය ඉක්මවා ලෝකෝත්තර තත්ත්වයක් වෙත ළඟාවීම තුළින් බුදුරජාණන් වහන්සේ අභියෝග ජය ගැනීමේ පරමාදර්ශය ලොවට ලබා දුන් සේක. බුදුරජාණන් වහන්සේ මුහුණ දුන් අභියෝග පිළිබඳව හැදෑරීම අප ශිෂ්‍ය ජීවිතයේ අභියෝග ජය ගැනීමට මහඟු පිටුවහලකි.


මගේ මෑණිවරු

පළමුතැන ගන්නී මගේ අම්මා ය. මගේ අත්තම්මලා දෙදෙනා දෙවැනි තැනය. තුන්වෙනි තැන පුංචි අම්මලා ය. මගේ පාසල ආරම්භ කළ මාරි මියුසියස් හිගින්ස් මැතිණිය සිව්වැනි අම්මාය. ඊළඟට මගේ පාසලේ විදුහල්පතිනියයි .පළමුවෙනි වසරේ ගුරු මෑණියන් දෙවැනි වසරේ ගුරු මෑණියන් ආදී මේ සියලු ම දෙනා මගේ මෑණිවරුය . පාසලේ සියලු ගුරු මෑණිවරුන්ට මම සිරස නමා වන්දනා කරමි.


නාලාගිරි දමනය


අබිනික්මන දා