Print this Article


කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරයේ ඇසළ පෙරහර

කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරයේ ඇසළ පෙරහර

කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ මහා විහාරස්ථානය මගින් 52 වන වරටත් සිදුකරන ඇසළ මහ පෙරහර තඹවිට විමලවංස නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 08 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වේ.

ඒ නිමිත්තෙන් 8,9,10 දිනවල රාත්‍රී 7.30-8.30 දක්වා ධර්ම දේශනා පැවැත්වෙන අතර 8 වනදා ආචාර්ය උඩුගම්පල හේමරතන හිමියන් ද, 9 වනදා ගොම්බද්දල දමිත හිමියන් විසින් ද, 10 වනදා කඩිගමුවේ වජිරනන්ද හිමියන් විසින් ද එම ධර්ම දේශනා පවත්වනු ලැබේ. 11 වනදා අටවිසි බුද්ධපූජා පින්කම ද 12 වනදා රාත්‍රී විහාර මළුව වටා මල් පෙරහර ද 13 වනදා රන්දෝලි මහා පෙරහර ද 14 ගම්මඩු යාගය ද 15 වනදා දේව දානය ද පැවැත්වේ.