Print this Article


ශ්‍රද්ධාවෙන් සිදුකළ පිනෙහි අනුසස්

ශ්‍රද්ධාවෙන් සිදුකළ පිනෙහි අනුසස්

 

බොහෝ දෙනා තමා නොමැරෙණ බව සිතා ක්‍රියා කරති. සදාකල් තමා ජයගන්නා බව සිතති. අනුන්ගේ ධනයට වුව ද ලෝභ කරති. අන්‍යයන් සතු දේපළ, ධන ධාන්‍ය,එනම්, සප්‍රාණික, අප්‍රාණික වස්තු. තමා සතුකර ගනිති.

ඇතැම්හු සමාජයේ තමනට රැකියාවක්, තනතුරක් ලැබුණ ද , එයින් ද, උද්දාමයට ම පත් වෙති. තමාට ඒවා කෙදිනක හෝ අහිමි වේ යැයි නොසිතති.

ලෝකයත් එහි පවත්නා සෑම දෙයක්මත්, සදාතනික යැයි සදාකාලික යැයි මතය ශාස්වත වාදය ලෙස පිළිගැනේ. ඇතැම් පුද්ගලයෝ එම මතයට විරුද්ධ වෙති. ඔවුහු මෙලොව සත්ත්වයා මරණින් මතු යිළි ඉපදීමක් හෝ වෙනත් ලොවකට යන බවක් හෝ ප්‍රකාශ නො කරති. ජිවතුන් අතර සිටින කාලය තුළ හොඳ නරක යන ඕනෑම දෙයක් සිදු කළ විට එයින් ඵලවිපාක නො ලැබෙන බව ද, සඳහන් කරති. එම අදහස් උච්ජේද වාදය ලෙස පිළිගැනේ. ගුරුළුගෝමී පඬිවරයා විසින් පොළොන්නරු සාහිත්‍යයෙහි දී රචනා කරන ලද අමාවතුර නම් කෘතියේ බ්‍රහ්ම දමනය නම් පරිච්ජේදයේ එන බක නමැති බ්‍රහ්මයාගේ කතාව පාඨකයා හා අසන්නාගේ සිත් කාවදින සුළුය. සිත් ගන්නා සුළු ය.

මෙම කතාව ශාස්වතවාදයෙන් ඔදගැන්වුණු තෙදගැන්වුණු බක බ්‍රහ්ම හා ඔහු අනුව යන්නන්ගේ සිත් සතන් අතිතශයින්ම මෙල්ලවුණු , අතිශයින්ම දමනය වුණු අවස්ථාවකි. අප බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක උක්කට්ඨා නම් නගරය අසල සුහග නම් වනයෙහි සුවිසල් සල්ගසක් යට වැඩ සිටි සේක. එම අවස්ථාවේ බ්‍රහ්ම ලෝකයෙහි වාසය කළ බක නම් බ්‍රහ්මයාටද අසාර්ථක වූ පව්කාර අදහසක් ඉපදුනි. එය නම්, ලෝකය සදාකාලික යැයි යන මිථ්‍යා දෘෂ්ටික අදහසය. එය දැනගත් ශාස්තෘන් වහන්සේ ඉතා කෙටි කලක් තුළ බඹලොවට වැඩම කළහ. එවිට බක බ්‍රහ්මයා බුදුරදුන් ඉදිරියේ මිථ්‍යා දෘෂ්ටික අදහස් ප්‍රකාශ කළේය.

බක බ්‍රහ්මයාගේ එම මිථ්‍යා දෘෂ්ටික ප්‍රකාශය අමාවතුර කතුවරයා පාඨකයාට පොළොන්නරු යුගයේ භාෂාවෙන් ම ප්‍රකාශ කරන්නේ පහත සඳහන් පරිදි ය. ,බක නම් බඹ, බුදුන් තමා කරා එනුවන් දැක මොබ එ. මේ නිත්‍ය යැ. ධ්‍රැව යැ. සහස්වත යැ. මේ බඹලොවැ මහලු වන්නෙක් හෝ මියන්නෙක් හෝ නැති. මෙයින් අනික් නිසරුණෙනක් ඇත්තේ නොවෙ යි කී යැ. මෙසේ කියනුයේ මත්තේ තුන්ධ්‍යානභූමි දු සතරමඟ සතරඵල දු නිවනු දු නැතී කීවා වේ.

මෙහි කිසියම් ගාඪ ස්වරූපයක් ගත්තේ වුව ද,එකල ගද්‍යාගත භාෂා විලාසයෙහි විශේෂත්වය , පාඨකයාටත් පර්යේෂකයන්ටත් අවධානයට ලක්වන්නකි. බක බ්‍රහ්මයාගේ වදන් අසූ මහා ප්‍රඥාවෙන් යුක්ත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. මෝහයෙන් නොමඟ ගිය මෙලොව පරලොව නොදත් මෝඩ බවින් ඉදිමුණු බක බ්‍රහ්‍්‍රමය, ඔබ නිත්‍ය නැති දෙයට නිත්‍ය යැයි කියන්නෙහි. ස්ථිර නැති දෙයට ස්ථිර යැයි කියන්නෙහි. සාදාකාලික නොවන දෙයට සාදාකාලික යැයි කියන්නේහි. මහලු වන බවට මහලු නොවන බව කියන්නෙහි. මිය යන කාරණයට නො මැරෙණ බව කියන්නෙහි.ය. අහෝ ආලෝකයක් නැති අඳුරු දිවියක් ගතකරන බක බ්‍රහ්මය යනුවෙන් දේශනා කළ සේක.. එම උද්වේගකර අවස්ථාව මාරදිව්‍ය පුත්‍රයා දිටීය. බුදුරදුන් බක බ්‍රහ්මයාගේ අදහස නො පිළිගන්නා බවත්, ඔහුව මැඩපවත්වන ආකාරයත් බුදුරජාණන් වහන්සේ පරදවමී සිතූ මාර තෙම බ්‍රහ්මයාගේ ශරීරයට ආවේශ විය. බුදුරදුනට අපහාස කරමියි සිතා උන්වහන්සේ සමීපයෙහි සිට බක බ්‍රහ්ම සියලු බ්‍රහ්මයන් අභිබවන බවත්. තවද ලෝකයේ සියල්ල දත් පුද්ගලයා බක බ්‍රහ්ම බවත් කීහ. තවද, ලෝකයේ සියලු ඉසුරු සම්පත් මැව්වේත්, මේ අරුම පුදුම ලෝකය මැව්වේත් , ලෝකයේ ඇති සියලු සතුන් ඔහුගේ දරුවන් බවද , පැහැදිලි කළේය. එම්බා මහණ තොපට කලින් සියලු මහණ ලෝකය ගින්දර හා ජලය ආදීය අනිත්‍ය දුක්ඛ අනාත්ම ය බව කියා ගැරවූහ. අන්තිමට ඔවුහු සතර අපායේ ඉපිද අනන්ත දුක් විඳිති. තවදුරටත් ආවේශ වූ මාරයා බුදුරජාණන් වහන්සේට ලෝකය දෙවියන් නොගරහන ලෙසත් , ලෝකය ස්ථීරබවත් සනාථ කළ බක බ්‍රහ්ම තමා බක බ්‍රහ්මව උපන් බවත් ඔහුට යටත් වන ලෙසත් ඔහු අනුගමනය කරන ලෙසත් කීයැ.ඔහුගෙන් උපකාර ලබන ලෙසත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තවදුරටත් පැහැදිලි කළේය.