Print this Article


වල්ගම රතනසිරි හිමියෝ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවි ලබති

වල්ගම රතනසිරි හිමියෝ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවි ලබති

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය , කිිරිගම්පමුණුව සුධර්මරත්න රාජමහා විහාරය, මාකන්දන සුදර්ශනාලංකාර විහාරය, මකුළුදූව සුධර්මාලංකාර විහාරය, බෙරවාවල ඔසු අරණ විවේක සේනාසනය යන චතුර් විහාරාධිපති ගංගොඩවිල සුභද්‍රාරාම මූලික පිරිවෙනේ පරිවෙනාධිපති වල්ගම රතනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව විසින් කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක ධුරය පිරිනැමීම හා අක්තපත්‍ර ප්‍රදානය සැප්තැම්බර් මස 01 දින සවස 3.00 ට ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේ දී සිදු කිරීමට නියමිතව තිබිණි. සැප්තැම්බර් මස 02 දින සවස 3.00 ට මාකන්දන සුදර්ශනාලංකාර විහාරස්ථානයේදී උන්වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය සිදු කෙරිණි.