Print this Article


ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව නිම කළබවට සංදේශය ජනාධිපතිතුමාට භාරදෙයි

ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව නිම කළ බවට

සංදේශය ජනාධිපතිතුමාට භාරදෙයි

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහර මෙවර ද උත්කර්ෂවත් ලෙස පවත්වා එය සාර්ථකව නිම කිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශය සම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඉකුත් දා (26) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබී ය.