Print this Article


‘ගල් පිළිමය’ ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ

‘ගල් පිළිමය’ ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි අනු නා හිමිපාණන් වහන්සේ පිළිබඳ ක්‍රිශාන්ත දයානන්ද මහතා රචනා කරන ලද ‘ගල් පිළිමය’ ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (26) අස්ගිරිය ගෙඩිගේ රජ මහා විහාරස්ථානයේ දී සිදු විණි.

එහිදී එම ග්‍රන්ථය වේඬරුවේ උපාලි අනු නා හිමිපාණන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වී ය. අස්ගිරිය ගෙඩිගේ මහා විහාරයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීම පසුගිය දා (25) සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මහා නා හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමිපාණන් වහන්සේ, ඓතිහාසික සෝමවතී රජමහා විහාරාධිපති පහමුණේ සුමංගල නා හිමිපාණන් වහන්සේ, රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ඇමැතිවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා, විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.