UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තලල්ලේ මෙත්තානන්ද අනු නා හිමියන්ගේ පැවිදි දිවිය සමරා පින්කම්

තලල්ලේ මෙත්තානන්ද අනු නා හිමියන්ගේ පැවිදි දිවිය සමරා පින්කම්

පානදුර පින්වත්ත සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරී, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක ගල්කිස්ස තපෝධනාරාමාධිපති තලල්ලේ මෙත්තානන්ද අනුනාහිමියන්ගේ පැවිදි ජීවිතයට අඩසිය වසක් ද, උපසම්පදා දිවියට වසර හතළිස් හයක්ද, විහාරාධිපති ධූරයට වසර තිස් පහක් පිරීම ද නිමිත්තෙන් පින්කම් මාලාවක් අගෝස්තු මස 23, 24, 25 යන දිනයන්හී සද්ධර්මාකර පරිවේනස්ථානයේ දී පැවැත් වේ.

ලේ දන්දීමේ පින්කම අගෝස්තු මස 23 වන දින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා පරිවේනස්ථ ධර්ම ශාලාවේ දී ද ,කාව්‍ය ශ්‍රී කන්දකැටියේ ධම්මරතන හිමියන් මෙහෙයවන බුදුගුණ ආශිර්වාද පහන් පූජාව.24 වන දින සවස 6.00 ට ද එදින සවස 5.30 ගැබිනි මව්වරුන් 50 දෙනෙකුට වියළි ආහාර ලබා දීම ද සිදු කෙරේ.

නිකිණි පුර පසළොස්වක දා සීල සමාදාන වැඩසටහන මෙසේය

උදේ 6.00 ට සිල් සමාදන් කරවීම පිරිවෙන් විහාරාධිපති තලල්ලේ මෙත්තානන්ද අනුනාහිමි, උදේ 8.30 ට ධර්ම දේශනාව අමරපුර සිරි සද්ධම්වංශ මහා නිකායේ මහ ලේඛකාධිකාරී දර්ශනපති බලපිටියේ සීවලී නාහිමි, උදේ 10.15 භාවනා වැඩසටහන මෙහෙයවීම පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ධර්මාචාර්ය, පයාගල ශ්‍රී ඉන්ද්‍රජෝතියාරාමාධිපති, රාජකීය පණ්ඩිත අඟුණකොළ පැලැස්සේ ඉන්ද්‍රජෝති හිමි, දවල් 11.15 සම්බුද්ධ පූජාව පැවැත්වීම පස්වරු 1.00 ට ධර්ම දේශනාව හුණුපිටිය, ශ්‍රී ඥානේෂ්වර පිරිවෙනේ හිටපු පරිවේනාධිපති, ගඟුල සිරිපරමවිසුද්ධාරාමාධිකාරී රාජකීය පණ්ඩිත තන්තිරිමුල්ලේ සරණ නාහිමි, 2.15 ධර්ම සාකච්ඡාව, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික උපදේශක, වාද්දුව සමුද්‍රාරාමය, මොල්ලිගොඩ මහා විහාරය යන උභය විහාරාධිපති ශාස්ත්‍රවේදී බෝපිටියේ ධම්මිස්සර නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංවර්ධන සභාවේ නියෝජ්‍ය ලේකම්, වාද්දුව, ශ්‍රී ලංකාරාමාධිපති, වාද්දුවේ ධම්මවංස නාහිමි, සාගර විශ්වවිද්‍යාලයේ සභාපති, මහාචාර්ය දයා එදිරිසිංහ මහතා, සවස 4.00 ආශිර්වාද පිරිත් දේශනාව, සවස 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]