UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා සමිදු තේවාවට අස්ගිරි පාර්ශ්වයේ මහ සඟරුවන පත්වෙති

ශ්‍රී දළදා සමිදු තේවාවට අස්ගිරි පාර්ශ්වයේ මහ සඟරුවන පත්වෙති

 

ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳුන් වෙත තේවාව පැවැත්වීමේ චිරාගත චාරිත්‍ර කටයුතු මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට පැවරීමේ සම්ප්‍රදායික චාරිත්‍රය ඇසළ පුර පසළොස්වක පෝය දිනට පසු දින සිදු කෙරුණි.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි, අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමිපාණන් වහන්සේලා දෙනම ප්‍රධාන ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති තේවාව පැවරීමේ චාරිත්‍රය අනුව අස්ගිරිය මහා විහාරයීය මහෝපාධ්‍යාය මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරය, සහ ඓතිහාසික බම්ඹා රජමහා විහාරද්වයාධිපති ගොමගොඩ රතනසාර නා හිමි, උඩමහලේ තේවාවබාර නායක ස්වාමීන් වහන්සේ සමඟ අස්ගිරිය මහාවිහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරිය මහා විහාර පරිවේනාධිපති ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද හිමි, අස්ගිරි මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික අරඹේගම සරණංකර යන නාහිමි දෙනම උඩමහලේ තේවාවටත්, කොලුගල, විමලඤාණ හිමි, පහලේ මහලේ තේවාවටත්, ගල්ලෑල්ලේ සුමංගල හිමි පත්තිරුප්පුවටත් පත්ව සිටි.

 එම අවස්ථාවට මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරිය මහා විහාර කාරක සභික මහියංගණ රාජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත, කාරක සංඝ සභික ශාස්ත්‍රපති කුඹුක්කන්දවල පුඤ්ඤරතන, කාරක සංඝ සභික ගල්ලෑල්ලේ සද්ධාතිස්ස, කාරක සංඝ සභික අස්ගිරිය මහා විහාර නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති ඇටිපොල මහින්ද යන හිමිවරු සහභාගිවූහ.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]