UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමින් වහන්ස /දුවේ, පුතේ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


සෙංකඩගල පුර දළදා මැදුර

මීදුම් ගලලා කඳු ගැට වැසෙන්නේ
හෝ හෝ ගගා මහවැලි ගඟ ගලන්නේ
දළදා මැදුරෙ හේවිසි හඬ ඇසෙන්නේ
සෙංකඩගලයි ඈතින් අර පෙනෙන්නේ

එගොඩගොඩේ දළදා මැදුර පෙනේ
මෙගොඩගොඩේ මල්වතු මහ වෙහෙර පෙනේ
දෙගොඩ මැදින් හන්තාන කන්ද පෙනේ
නුවර වැවට රාසිං දෙවි වඩිනු පෙනේ

එගොඩ බැලීමි එගොඩින් මල් වතු වෙහෙරයි
මෙගොඩ බැලීමි මෙගොඩින් අස්ගිරි වෙහෙරයි
දෙගොඩ මැදින් ආදාහන මළු වෙහෙරයි
වෙහෙර තුනට නායක දළදා මැදුරයි


නොකඩවා දහම් පාසල් පැමිණි අනුදි යසාරා

පානදුර අනුදි යසාරා ප්‍රනාන්දු සිසුවිය ගඟුල, ශ්‍රී ඥානවිමල ධර්මපාඨ ශාලාවට 2005.01.09 දින පළමුවන ශ්‍රේණියට ඇතුළත්ව දහම් පාසලේ ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ දීප්තිමත් සිසුවියකි. ඇය දහම් පාසලට ඇතුළත් වූ 2005 වසරේ සිට 2017 වසර දක්වා ම දහම් පාසල පැවැත් වූ සෑම ශනි දිනක ම නො කඩවා දහම් පාසලට පැමිණීමට වාසනාවන්ත වූවා ය. එහෙයින් දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවවලදී දිනපතා පැමිණීමේ ත්‍යාගය සෑම වසරක දී ම ඇයට හිමි කර ගැනීමට හැකියාව ලැබිණි.

2018 වසරේ පැවැත් වු දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී පුරා වසර දහ තුනක් කිසියම් ම දිනක කිසිදු කරුණක් නිසා දහම් පාසලට පැමිණීම මග නො හැර සෑම දිනක ම පැමිණීම වෙනුවෙන් දහම් පාසල් වාර්තාවක් තැබීම අගයකොට ඇය සම්මානයෙන් පිදුම් ලැබුවා ය. දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ඉතා ඉහළින් සමත් වූ ඇය දහම් පාසල් තරග, ප්‍රාදේශීය තරග ආදියට සහභාගි වීම තුළින් ශ්‍රී ඥානවිමල ධර්මපාඨශාලාවට කීර්තිය ගෙන දුන්නා ය. ඉගෙනීමට මෙන්ම ගායනය, වාදනය, රංගනයෙහි නිරතව ඇති අනුදි යසාරා, දහම් පාසලේ ජ්‍යෙෂ්ඨ ගායක කණ්ඩායමේ සාමාජිකාවක ලෙසද, දහම් පාසල් නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස ද.

කටයුතු කරමින් දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සව , නිල ලාංඡන පැළඳවීමේ උත්සව, සැදැහැ ගී සරණි ආදි විවිධ අවස්ථාවල දි සියලු දක්ෂතා මැනවින් පෙන්වමින් දහම් පාසලට ගෞරවයක් හා කීර්තියක් අත් කර දී ඇතැයි තන්තිරිමුල්ලේ සරණ හිමියෝ පැවසූහ.


මෙත්තා ගුණය: මෙත්තා ගුණ මහිමය

මෙත්තා යනු හිතවත් බව යි. සැබෑ මිත්‍රත්වය යි. නැතිනම් මෛත්‍රිය යි. මිතුරකු පිළිබඳ තමා තුළ ඇති හිතවත්බවට සමාන හිතවත් බවක් සියලු ජීවින් කෙරෙහි ඇති කර ගැනීම මෛත්‍රී භාවනාවෙන් සිදු කරයි. මිත්‍රත්වය සියලු ජීවින් කෙරෙහි ම දැක්වීම උසස් මානුෂීය ගුණාංගයකි. සැබෑ මිතුරා සිය මිතුරාට අවැඩක්, විපතක් වෙනවාට අකැමැති වේ. ඔහු මිතුරාගේ දියුණුව ම අපේක්ෂා කරයි. මිතුරා සම්බන්ධයෙන් ඇතිකරගන්නා වූ එම හිතවත්කම තමා අපි‍්‍රය , අමනාප පුද්ගලයන් සම්බන්ධයෙන් ද ඇතිකර ගනී. එය මෛත්‍රීය යි. මෙම තත්ත්වය සම්පූර්ණ වන්නේ ආයාසයකින් තොරව තමාට හමු වන ඕනෑම අයකු සම්බන්ධයෙන් හිතවත් බවක් ගොඩනගා ගැනීමට හැකියාක් පවතී නම් පමණි.

කිසිවක් අපේක්ෂාවෙන් යමෙකු කෙරෙහි ඇති කර ගන්නා බැඳීම මෛත්‍රිය නොවේ. මෛත්‍රි සහගත සිතුවිලි සහිත පුද්ගලයා සියලු ජීවින් සැපෙන් සිටිනු දැකීමට කැමැති වෙයි. නිරන්තරයෙන් මෙවැනි සිතුවිල්ලක් පවත්වා ගැනීමට නම් එය භාවනාවක් ලෙස ප්‍රගුණ කළ යුතු ය. එසේ සිත ප්‍රගුණ කිරීම මෛත්‍රී භාවනාව ලෙස අපි දනිමු . මේ ආකාරයෙන් සිත ප්‍රගුණ කිරීම මෙත්තා විහාරය යනුවෙන් ද හැඳින්විය හැකිය.

(පැන විසඳුම්හි ජයග්‍රාහිකාව)


ඇසළ සඳ

බෝසතාණෝ රැයෙහි - නො සැලුණා අඳුර මැද
සදාකාලික එළිය දුනි - ගයාවෙන් උපන් සඳ

ඇසළ සඳ නැඟ ඒවි - ලොවෙහි ගනඳුර මකා
මහබිනික්මන් රැයෙහි - මෙන් ක්ලේෂයන් මකා

බරැති ඝන වළා බිඳ - ඇසළ සඳ පැමිණි සඳ
හේමමාලා කුමරි - අප රටට පැමිණි සඳ

රටම පින්වත් වුණා - ශී‍්‍ර දන්ත ධාතු වැඳ
හෙළ දනන් සැනහුනා - අනෙක කම්කටොළු මැද


එන්න සදහම් අරණට

මිනිසත් බවේ බෝසත් ගුණ දම් පුරණ
සිදුහත් උපන්දා සිට ගතකළ තරුණ
පැහැපත් දිවිය ලෝ සත හට දුන් සරණ
අපටත් නිවන් දිස්වන ‘සදහම් අරණ’

ලෝ වැසි ළමා පරපුර වෙත තිළිණ කළ
බුදුසරණේ පිටු අතරින් එකලු කළ
‘සදහම් අරණ’ අප වෙත දෙන දම් සිසිල
ලැබ සැනසෙන්න අප හා එක් වනු නො පැකිල


පැන විසඳුම්

සදහම් අරණ ළමා සමාජයේ සාමාජික , සාමාජිකාවනි, පහත සදහම් ප්‍රශ්නවලට ඔබගේ පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න. නිවැරැදි පිළිතුරට වටිනා තෑගි පිරි පිරිනමන්නෙමු.

01). තිසරණය නම් කරන්න

02). ඔබ කැමැති එක් තිසරණ ගුණයක් ගැන වචන සියයකට නො වැඩි විස්තරයක් ලියා එවන්න.


 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]