Print this Article


බිහිසුණු අපාය: අයහපතට සමාව නැති තැන ...

බිහිසුණු අපාය:

අයහපතට සමාව නැති තැන ...

සියලුම පාපයන්ට අයත්ව උපත ලබන අපායන් බොහෝ ඇත . වරදට සමාව දීම, කල් දැමීම, වසරකට කල් දැමීම ආදිය විනිශ්චයක් අපායේ නැත. වැරැද්දට දඬුවම් දීම අපායේ ස්වභාවය යි. අපායට කවුරුත් බය යි. පස් පව් කිරීම, මවට පියාට නොසැළකීම, අධර්මිෂ්ඨව ජීවත් වීම, අනුන්ට කරදර නින්දා අපහාස කළ විට, දාන මාන පින්කම් වැළකීම, තරහවෙන් වෛරයෙන් ජීවත් වීම, අනුන්ගේ සම්පත් විනාශ කිරීම, ආගමට දහමට විරුද්ධ වීම, වෙහෙර විහාර විනාශ කිරීම නිසා සතර අපා දුක් ලැබෙනවා. එයට සහාය වන්නන්ට ද අපායේ උපත ලබනවා.

පසුගිය පුර පසළොස්වක පොහොය දිනට පළවූ ලිපි අතුරෙන් අපාය තිහක් ගැන සඳහන් කළෙමු. අද අප සඳහන් කරන්නේ තිස් එක්වන අපාය පොකුරු පත් අපාය යි. මෙහි උපත ලබන නිරි සතුන්ට දීර්ඝ කාලයක් දැඩි දඬුවම් පමුණුව යි. සිල්වත් ගුණවත් උතුමන්ට , මවට පියාට නින්දා අපහාස කළ අය , ඒ ඇත්තන්ට කරදර පීඩා කළ අය, දුක් විඳින්නේ පොකුරු පත් අපායේ ය.

තිස්දෙවන අපාය අළුකුඹු නරකය යි. එහි දීර්ඝ කාලයක් දෙතිස් දඬුවම ම ලබාදෙන භයානක අපායක්. පෝය දවස්වලදී සිල් ගන්නේ නැතිව පොළොව කෙටීම, ගස් වැල් කැපීම වැනි විවිධාකාර වැඩපොළ කිරීම , එසේම තම තමන්ගේ සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරන්න තිබෙන දවසේ දී විවිධාකාර වැඩවලට යොමුකරවීම අපායට වැටෙන ක්‍රමයකි. පෝයදිනය නිදහස් දවසක් . එය තම ආගම වෙනුවෙන් වැය කළ යුතු යි. පෝය දින පැය විසිහතර ම සිල් සමාදන්ව සිටිනවා නම්, බොහොම අගෙයි. ඒ දවසේ බණ භාවනා ආදිය කරමින් සංසාරෙටම සැප ලබාදෙන දවසක්. ඒ නිසා කවුරුත් කොපමණ වැඩ තිබුණත්, ඉතිරි දින විසිනවයේ පින්කම් කටයුතු, බණ , භාවනා ආදිය කර ගන්න. පෝය දවසේ තමන්ගේ මෙලොව යහපත, පරලොව සුගතිය, නිවන් සඳහා ආගම දහම සඳහා කැපවීමෙන් කටයුතු කරන්න. ඒවා සිතට ගතට ගෙන වැඩ කරන්නන්ට මරණින් මතු සුගතිගාමී විය හැකි යි. ඒ නිසා අළුකුඹු නරකයට වැටී දුක් විඳින්නේ නැතිව පෝයට සිල් සමාදන්ව, බණ භාවනා කටයුතු කර තුනුරුවන් වැඳගෙන වැඩියෙන් පිනක් දහමක් කළ යුතු යි. පෝයට සිල් ගන්නා අයට, බණ භාවනා කරන අයට, බුද්ධ පූජා වන්දනා මාන කරන අයට සෑම දෙනාටම මරණින් මතු දෙව්ලොව බඹලොවට නික්ම වාසනාවන්ත ජීවිත පෙළක් ගත කර දුකෙන් නිදහස්ව මරණයට පත් වෙන්න.

තිස්තුන්වන අපාය රෝරෝහ නරකය යි. මෙහි යමපල්ලන්ගෙන් ම වද විඳින්නට සිදු වෙයි. එතරම්ම දරුණු වද දෙන තැනක් . ඒ තත්ත්වයට පත් වුණේ මනු ලොව සිටින කාලයේ වස දී මරණයට පත් වෙනවා, ගෙල වැළ ලාගෙන මරණයට පත් වෙනවා, දුම්රියට පැන ජීවිත නසා ගන්නවා.. සිය දිවි නසාගත්තෝ උපත ලබන්නේ රෝරෝහ නරකයෙ යි. ජීවිත නැති කරගන්නා භයානක තැනක්. මේ නිසා කිසිවකු වස විස කා දිවි නසා ගන්න, දුම්රියට පැන ජීවිත හානි කරගන්න එපා.

යමෙකුට පැනයක් මතු වුණොත් එයට විසඳුමක් තිබෙනවා. ඒ සඳහා වැඩිහිටි ගුරු උතුමන්ගෙන් උපදෙස් ලබා ගෙන, ඒවා පිළිබඳ හසල දැනුමක් ඇති කරගෙන කටයුතු කර තමන්ට සුගතිගාමී විය හැකි යි. ඒනිසා අවවාද අනුශාසනා ලබා ගෙන තම ජීවිකාව හොඳින් සකසා ගන්න. එය බොහොම අගය කොට සලකනවා, යම් කිසිවෙක් පස් පව් වලින් වැළකී තම ජීවිත පෙළ හොඳට ගොඩනගා ගත් විට ඉගෙන ගන්න අපහසු අයට පහසුකම් සලසා ගෙන කටයුතු කළොත් රෝරෝහ නරකයෙන් අත් මිඳෙනවා.

මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල වාසය කර, සියලු සංසාර දුකෙන් නිදහස්ව නිවන් පසක් කර ගන්න පුළුවන්.

තිස්හතර වන අපාය ගෝපාල නරකය යි.. මනු ලොව සිට පස් පව් කරන, නොයෙක් පාපීන් උපත ලබන්නේ තිරිසන් සතුන් ලෙසයි. අලි, ගව, අශ්ව, කොටළුවන් වැනි සත්ත්වයන්ගෙන් අපමණ වැඩ ගත් අය මෙහි උපත ලබයි. කෑම බීම වෙලාවට නොදී , අපමණ වෙහෙසට සතුන් පත් කරමින් වැඩ ගත් අය ගෝපාල අපායේ උපත ලබයි. ඒ නිසා දැසි දස්, කම්කරුවන්ට පවා ආහාර පාන නොදී , වේතන නොගෙවා, අසීමිතව වැඩ ගන්නා අය උපත ලබන්නේ ගෝපාල නරකයේ ය. ඒ නිසා අසරණකම සිතා කරුණාවෙන්, මෛත්‍රියෙන් වැඩ කටයුතු කර ගන්න.

චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පාපයෙන් වැළකී ධර්මානුකූලව තම ජීවිතය සකසා ගැනීමට අධිෂ්ඨාන තබා ගැනීම ඉතා වැදගත්.