Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවක් වන වෙන්නප්පුවෙහි පදිංචි නිල්කි රෙබේකා ප්‍රනාන්දු (39) මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත්, ඇයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැවින් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් ලංකා රෝහලේ වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුජිත් සෝමයියා මහතා නිර්දේශ කර ඇති බව කියයි. “ඕ වර්ගයේ” හෝ “බී වර්ගයේ” වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් සිටිත් නම් 0777 202021 හෝ 076 6088986 යන දුරකථන අංකවලට කතා කරන මෙන් ඇයගේ ඥාතීහු ඉල්ලා සිටිති. නො. 25, අලුත්පාර, වෙන්නප්පුව යන ලිපිනයෙන් ද ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකියාව ඇති බව ද කියයි.

****

ආර්.ඒ. සුජානි පෙරේරා දියණිය වකුගඩු රෝගයකින් පෙළෙන අතර දැනට ඇය ජාතික රෝහලේ 56 /බී, වාට්ටුවේ රුධිර කාන්දු කරණය කරන හෙයින් වකුගඩු විශේෂඥ ඒ.එල්.එම්. නසාර් වෛද්‍යතුමා විසින් ඉතා ඉක්මනින්ම “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කරන ලෙස දැනුම් දී ඇති බව මව පවසන්නී ය.

දුරකථන අංක 071 1242475, 071 9107500

****

 

අංක 82/ජී/8 ලක්මල් උයන, වල්පොල රුග්ගහවිල පදිංචි, ඒ.එන්.කේ. රන්පනාදෙනිය මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඒ මහතාට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය කීර්ති බණ්ඩාර මහතා නිර්දේශ කර ඇති බව කියයි.

****

දෙදරු පියකු වන ඒ මහතාට රැකියාවක් හෝ වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති හෙයින් දැඩි ආර්ථික දුෂ්කරතාවෙන් පෙළෙන හෙයින් වකුගඩුවක් හෝ මූල්‍යමය වශයෙන් යම් පරිත්‍යාගයක් කරන ලෙස ඉල්ලා සිටී. වැඩි විස්තර 076 5473330, 078 7724151 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි අතර ඒ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමැති අය නිට්ටඹුව කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8650043387 ට ආධාර බැර කළ හැකි බව දන්වා සිටී.

****

නො. 28, ගොරකදුව, පැලවත්ත ලිපිනයේ පදිංචි එච්.කේ.ඩී. කමල් නලින්ද යන දෙදරු පියා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු පවසා ඇති බව කියයි. එම නිසා “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතෙකු වෙතොත් 071 1848215 දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

හොරණ පදිංචි එම්.එම්. ජයලත් මහතා තිදරු පියෙකි. ඔහු තදබල වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික වකුගඩු රෝහලේ මාතු සෙල්වරාජ් මහතා නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩුවක් පිරිනැමීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් 078 2543150/ 071 8151980 දුරකථන අංක අමතා දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කරයි.