Print this Article


මුතියංගණ මහ සෑ වන්දනා පින්කමක්

මුතියංගණ මහ සෑ වන්දනා පින්කමක්

කැලණියේ අජිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ශ්‍රී සර්වඥ ධාතු වන්දනා පදනමේ සංවිධානයෙන් අසිරිමත් මුතියංගන මහා සෑ රද වන්දනාව සැප්තැම්බර් 8 වන සෙනසුරාදා සවස 3.00 සිට පසුදා (09) පහන්වනතුරු බදුල්ල මුතියංගණ මහා සෑ රඳුන් අභියස දී පැවැත්වේ.

එදිනට නියමිත පුණ්‍ය කර්මයන් අතර ගුවනින් පුෂ්පෝපහාර දැක්වීම, මළුව සුවඳ පැනින් දෝවනය කිරීම, කංචුක පූජාව, විදුලි බුබුළු රැසකින් සෑ මළුව ආලෝකවත් කිරීම, අෂ්ට ගත පූජා සුවඳ දුම් පූජාව, කිරි ආහාර පූජා ආදී සුවිශේෂී පින්කම් රැසක් පැවැත්වේ.