Print this Article


ලෝක තරුණ බෞද්ධ සංඝ සභා සම්මේලනය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි ප්‍රධානත්වයෙන් තායිවානයේ දී

ලෝක තරුණ බෞද්ධ සංඝ සභා සම්මේලනය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි ප්‍රධානත්වයෙන් තායිවානයේ දී

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 15 වන සම්මේලනය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අගොස්්තු 11 සිට 14 දක්වා තායිවානයේ තව්යෙන් නගරයේ දී පැවැත්වුණි.

රටවල් 30ක පමණ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවන් 1500 ක් පමණ ඊට සහභාගි වූ අතර ලෝක තරුªණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් මුගුණවෙල අනුරුද්ධ හිමියෝ සමාරම්භක දේශනය සිදු කළහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක තරුණ සංඝ සභාවේ ශ්‍රී ලංකා ශාඛාවෙහි සභාපති ලක්ෂපාන චන්දිම හිමි, ලේකම් ඇතිපොළ මහින්ද හිමි, බස්නාහිර සභාපති බැදිගමුවේ අභයතිස්ස හිමි, නැගෙනහිර සභාපති දිවුලපැලැස්සේ විමලානන්ද හිමි, ගාල්ල සභාපති කඩිහින්ගල අරියවංශ හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සහභාගි වූහ. උපසභාපති ලෙස දිවුල්පැලැස්සේ විමලානන්ද හිමියෝ පත්කර ගැනිණ.