Print this Article


මහා විහාර පූජා භූමිය සංරක්ෂණය සහ සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙන්...

මහා විහාර පූජා භූමිය සංරක්ෂණය සහ සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙන්...

මහා විහාර පූජා භූමිය සංරක්ෂණය සහ සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පසුගිය (14 ) දා අනුරාධපුරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ගරා වැටීමට ලක්ව අක්‍රමවත්ව තිබී යළි සංරක්ෂණය කරන ලද මහමෙවුනා පුදබිමේ පිහිටි අංක 17 පොකුණ විවෘත කිරීමේ අවස්ථාවටද අගමැතිවරයා සහභාගි විය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා පවතින පෞරාණික ශෛලමය ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමද සිදු විය. දුටුගැමුණු රජු ඉදිකළ ලෝවාමහාපායේ (පොහොය ගෙය) ප්‍ර‍්‍රතිසංස්කරණ කටයුතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. මෙහි කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කරනු ලබයි.

මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවැති එම උත්සව අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර එම්.ජී. ජයසිංහ, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, ඇමැති පී. හැරිසන් ඇමැතිනි, චන්ද්‍රනි බණ්ඩාර යන මහත්ම මහත්මිහු ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.