Print this Article


ඓතිහාසික රිදී විහාරයේ රන්දෝලි පෙරහර 27 වනදා සිට

ඓතිහාසික රිදී විහාරයේ රන්දෝලි පෙරහර 27 වනදා සිට

කුරුණෑගල ඓතිහාසික රිදී විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර මෙම මස 27 වනදා ආරම්භ කෙරෙන අතර අවසන් රන්දෝලි මහ පෙරහර මෙම මස 31 වනදා වීථී සංචාරය කෙරේ.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් රිදී විහාරයේ භාරකාර තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පෙරහර පැවැත්වේ. ඓතිහාසික රිදී විහාරය මුල් කරගනිමින් පත්තිනි දේවාලය සහ කුමාර බණ්ඩාර දේවාල පෙරහර වාර්ෂිකව පැවැත්වෙන අතර මෙවර පෙරහර සඳහා අලිඇතුන් 25 ක් පමණ සහභාගිවන අතර නර්තන කණ්ඩායම් රැසක්ද සහභාගි වේ.