Print this Article


ගෞතම බුදුරජාණෙනි

ගෞතම බුදුරජාණෙනි

නියත විවරණ ලැබූ දිනයේ නිවන් නොපැතූ ගුණ වතාණෙනි
ලෝසතුන්ගේ දුක නැසීමට පෙරුම් දම් පිරු පින්සරාණෙනි
වාඩි වී වජිරාසනේ මත අදිටනින් දිනු වීරයාණෙනි
නෙළුම් කඩුපුල් පුදා සිරිපා බැතින් නමදිමි බුදු පියාණෙනි

ලොවේ මොහඳුරු සදා දුරු කළ අපේ ගෞතම බුදු රජාණෙනි
විදුණැනින් ලොව එළිය කරවූ අපේ සම්බුදු බුදු පියාණෙනි
රුවන් ගෙයි වැඩ දසත බුදු රැස් විහිදුවාලූ දම් රජාණෙනි
පුදා කඩුපුල් පා කමල් යුග බැතින් නමඳිමි බුදු පියාණෙනි