Print this Article


පිරිත් දේශනාව 21: ගිරිමානන්ද සූත්‍රය

ගිරිමානන්ද සූත්‍රය

ආනාපානසති සංඥා

පුද්ගලයෙක් භාවනා ස්ථානයක සූදානම් වී, කය ඍජුව තබා ඵලක් බැඳ ඉඳගෙන සිහියෙන් යුක්තව ආශ්වාස ප්‍රශ්වාස කිරීම ආනාපාන සතියයි.

දීඝංවා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති

දීර්ඝ කොට ආශ්වාස කරනුයේ දීර්ඝ ලෙස ආශ්වාස කරමියි දැන ගනිමි.

දීඝංවා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති

දීර්ඝ කොට ප්‍රාශ්වාස කරනුයේ දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරමියි දැන ගනිමි.

රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති

ලඝු කොට ආශ්වාස කරනුයේ ලඝු ලෙස ආශ්වාස කරමියි දැන ගනිමි.

රස්සංවා පස්සසන්තෝ රස්්සං පස්සසාමීති පජානාති

ලඝු කොට ප්‍රාශ්වාස කරනුයේ ලඝු ලෙස ප්‍රාශ්වාස කරමියි දැන ගනිමි.

සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සසාමීති සික්ඛති

සියලු ශරීරය ආශ්වාස මුල , මැද. අග පහළ කරමින් ආශ්වාස කරමියි හික්මෙයි.

සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සසාමීති සික්ඛති

සියලු ශරීරය ප්‍රාශ්වාස මුල, මැද,අග පහළ කරමින් ප්‍රාශ්වාස කරමියි හික්මෙයි.

පස්සම්භයං කායසංඛාරං අස්ස සිස්සසාමීති සික්ඛති

ඕදාරික ආශ්වාස කාය සංකාරය සන්සිඳුවමින් ආශ්වාස කරමියි හික්මෙයි.

පස්සම්භයං කායසංඛාරං පස්ස සිස්සසාමීති සික්ඛති.ඕදාරික ප්‍රාශ්වාස කාය සංකාරය සන්සිඳුවමින් ප්‍රාශ්වාස කරමියි හික්මෙයි.

අනතුරුව බුදුරදුන් ආනන්ද හිමියන්ට ප්‍රකාශ කරන්නේ ගිරිමානන්ද තෙරණුවන් සමීපයට ගොස් මෙම දස සංඥා දේශනා කරන ලෙසයි. එවිට ගිරිමානන්ද හිමියන්ගේ ආබාධයට බලපෑ හේතුන් සංසිඳෙන බව පැහැදිලි කළහ.ආනන්ද හිමියන් භාග්‍යවතුන් වහන්සේගෙන් දස සංඥා ඉගෙන ගෙන ගිරිමානන්ද හිමියන් කරා එළඹ ඒවා දේශනා කළහ. දස සංඥා ශ්‍රවණය කිරීමෙන් ගිරිමානන්ද හිමියන්ගේ ආබාධ සංසිඳුණි.

දස සංඥා පිළිබඳව විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ මුල් සංඥා නවය තුළ පුද්ගලයාට ජීවිතයේ ස්වභාවයන් මෙනෙහි කිරීමට මග පෙන්වා ඇති බවයි. දස වැන්නෙහි දී ජීවිතය පවත්වා ගැනීමට සිදුකරන ආශ්වාස ප්‍රාශ්වාස සිදුවන අයුරු පිළිබඳව සතිය උපදවා ගන්නා ලෙසයි. මෙලෙස ජීවිතාවබෝධය ලැබෙන විට කයෙහි ඇති බොහෝ ආබාධ සංසිඳුවා ගැනීමට හැකියාව ලැබේ.