UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු ගුණමහිම:  පුරිස දම්මසාරථි ගුණ මහිමය

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 40

පුරිස දම්මසාරථි ගුණ මහිමය

අනුත්තර යනු උතුම් යන්නයි
සීලක්ඛන්ධෙන අනුත්තරෝ
සමාධික්ඛන්ධෙන අනුත්තරෝ
පඤ්ඤාක්ඛන්ධෙන අනුත්තරෝ
විමුක්තික් බන්ධේන අනුත්තරෝ
විමුක්ත ඤාණ දස්සනක්ඛන්ධේන අනුත්තරෝ

සීල ස්කන්ධයෙන් උතුම් නිසා අනුත්තරයයි .සමාධි ස්කන්ධයෙන් උතුම් නිසා අනුත්තරයයි. ප්‍රඥා ස්කන්ධයෙන් උතුම් නිසා අනුත්තරයයි. විමුක්ති ස්කන්ධයෙන් උතුම් නිසා අනුත්තරයයි. විමුක්ති ඥාන දර්ශනවලින් උතුම් නිසා අනුත්තරයයි.

සීලයෙන් උසස් කියා කියනවා. සීලය කියා කියන්නේ කොටින්ම මෛත්‍රිය නේද , කරුණා මෛත්‍රී සීලය කියා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් අනුත්තරයි. ඉන්ද්‍රිය සංවර සීලයෙන් අනුත්තරයි. ඊළඟට ආජීව පාරිසුද්ධි සීලයෙන් අනුත්තරයි. ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලයෙන් අනුත්තරයි. එහෙනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අපි ඉගෙන ගත්තා. ඉන්ද්‍රිය සංවර සීලය ඉගෙන ගත්තා. ඒ ආජීව පාරිශූද්ධ සීලය උන්වහන්සේගේ ජීවිත පැවැත්ම හැමදාම සිදුවන්නේ පිරිසුදුවයි. උන්වහන්සේ කුහනා, ලපනා කියන එක එක ගති පැවතුම් මිථ්‍යා ආජීවය, එක්විසි අන්වේශණ , කුල දූෂණ වගේ දේවල් වලින් කිසිදෙයක් ලබන්නේ නෑ. උන්වහන්සේට චීවරයක් ලැබුණත් පිණ්ඩපාතයක් ලැබුණත් මොන දේ ලැබුණත් ධාර්මිකව කැප දේ තමයි ලැබුණේ. උන්වහන්සේ එහෙම ලබලා තමයි පරිහරණය කරන්නේ. ඒක තමයි අපි කියන්නේ උන්වහන්සේ ආජීව පාරිශුද්ධිසීලයෙන් ශ්‍රේෂ්ඨයි කියලා. ඊළඟට ප්‍රත්‍ය සංනිශි‍්‍රත සීලය ,සිව්පස පරිහරණයෙන්, උන්වහන්සේට තරම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ලැබෙන්නෙ නෑ වෙන කාටවත්.

ඔය කියන සීල හතරෙන් උසස් නිසා අපි කියනවා සීලයෙන් උතුම් කියලා. ඊළඟට සමාධියෙන් උතුම් සමාධි කියන කොට කාමාවචර සමාධිය, රූපාවචර සමාධිය, අරූපාවචර සමාධිය ,ලෝකෝත්තර සමාධිය, කාමාවචර සමාධිය කියලා කියන්නේ,කාමාවචර කුසල් සිතේ බලපවත්නා සමාධි සිත. උන්වහන්සේ භාවනාවක් කමටහනක් කර ගෙන පරිකර්ම කරන අවස්ථාවේ ඇතිවන පරිකර්ම, උපචාර සමාධි ශක්තිය, රූපාවචර සමාධි කියලා කියන්නේ රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන, ලෝකෝත්තර මාර්ග ඵල බුදුරජාණන් වහන්සේ සෝවාන් ආදි මාර්ගඵල ලැබුවේ එක දිගටම.

ඔය විදියට රූප,වේදනා, සංඥා , සංඛාර කියන පංචස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් තමයි අපි දමනය කරන්නේ. සච්චක ගේ හිතේ තියෙනවා මේ රූපය කියන්නේ සදාකාලිකයි. මේ මහ පොළව නිසා තමයි කවුරුත් ජීවත් වෙන්නේ. මහ පොළව නිසා තමයි ගස් ගල් හටගන්නේ. පවතින්නේ. ඒ නිසා මේ මහ පොළව සදාකාලිකයි. ඔය වගේ දෘෂ්ඨියක් තිබුණා මේ සච්චකට . සච්චක කියන්නේ මව්පිය පරම්පරාවෙන් ලැබුණූ තර්ක ශාස්ත්‍ර දාහක් පමණ දන්න මහ උගතෙක්. හැබැයි කටකාරයෙක්. ඉතින් හැමෝම වාදයෙන් තර්කයෙන් තමයි මර්ධනය කරලා දමනය කරලා ගන්නේ. ඉතින් දවසක් අස්සජි ස්වාමින් වහන්සේගෙන් මේක ඇහෙනකොට මෙතුමා හිතුවා ඔය අදහසම බුදුපියාණන් වහන්සේ ළඟ තියනවා නම් මට ඉතින් වාදයෙන් ඇදලා දාලා සුණූ විසුනු කරන්න පුළුවන් කියලා. මේවාගේ අදහසක් තමයි පහළ වුණේ. එහෙම පහළ වෙලා ලිච්ඡවී රජදරුවෝ පන්සියයක් එක්කරගෙන මහා වනයට යනවා. ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් අසනවා ශිෂ්‍යයෝ දමනය කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ අස්සජි ස්වාමින් වහන්සේ දේශනා කරපු විදිහට දේශනා කරනවා. ඊට පස්සේ නැවතත් මෙතුමා කියනවා නෑ රූපය කියන එක සදාකාලිකයි. සච්චක කියනවා මේ රූපය කියන්නේ මහපොළව කියන්නේ රුපයක් මහපොළව ඕන විදියට තමා ගස් කොළන් හැදෙන්නේ කවුරුත් ජීවත් වෙන්නේ ඒක නිසා සදාකාලිකයි.

බුදුරජාණන් වහන්සේ සච්චකට කියනවා හොඳයි. මම හරස් ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඔය කොසොල් රජ්ජුරුවෝ, බිම්බිසාර රජ්ජුරුවෝ ඉන්නාවනේ. මහා පින්වන්තයෝ ,රජ්ජුරුවන්ට පුළුවන් එක්කෙනෙක් පොහොසත් කරන්නත්, කෙනෙක් දුප්පත් කරන්නත් පුළුවන්. මොකද රජතුමාගේ තිබෙන බලය නිසා. එතකොට දැන්. ඒක ඔබ පිළිගන්නවාද? ඔව් ඒක පිළිගන්නවා. කොසොල් රජ්ජුරුවන්ට ඕන නම් කෙනෙක් දුප්පත් කරන්නත්, පොහොසත් කරන්නත් පුළුවන් ඇයි ඒ බලය නේ. ඒවාගේ ලිච්ඡවී රජ දරුවන්ටත් පුළුවන්. හොඳයි එතකොට දැන් මේ රූපය තමන්ට ඕන විදියට කරන්න පුළුවන් නම් එහෙම ඉතින් තව කෙනෙකුට දුප්පත් කරන්න පොහොසත් කරන්න බෑනේ. එතකොට සච්චක නිශ්ශබ්ද වුණා. මොකද? හේතුව උත්තර නැති වුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ රූපය ආත්ම නම් අපිට ඕන විදියට මේ රූපය තියාගන්න පුළුවන්. අපට ඕන විදියට ජීවත් වෙන්නත් පුළුවන්. එහෙනම් වයසට යන එක නවත්වා ගත හැකියි. මැරෙන එක නවත්වා ගන්නත් පුළුවන්. අපට ඕන විදියට මේවා පාලනය වෙනවා නම්.

 

නිකිණි මස පුර අටවක පෝය


නිකිණි මස පුර අටවක පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා පූර්වභාග 01.06 ට ලබයි. 19 වන දා ඉරිදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 18 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]