Print this Article


පිහිට පතයි

පිහිට පතයි

තලාතුඔය බටගල්ලේ අංක 142 පදිංචි ඊ.ඇම්.පී.පී. එස්. කුමාරි මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු පවසා ඇති බවත් කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතකු වෙතොත් 071 7570051 දුරකථන අංකයට දන්වන ලෙස ඥාතීහු ඉල්ලීමක් කරති.

***

බුත්තල 21 කණුව කතරගම පාර ලිපිනයේ පදිංචි අජන්ත රාජපක්ෂ නමැති 22 හැවිරිදි තරුණයා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවට මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්ලිව්.එම්. වසීල් මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉතා ඉක්මනින් “ඒ බී පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇති බවත් කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වේ නම් 071 1860060 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස තරුණයාගේ පියා ඉල්ලීමක් කරයි. මුදල් පරිත්‍යාග කිරීමට හැකි අයෙකු වේ නම් බුත්තල මහජන බැංකුවේ 147200180102551 දරණ ගිණුමට මුදල් බැර කරන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

***

අරලගංවිල නො. 122 යාය 05 ලිපිනයේ පදිංචි අවුරුදු 67 ක් වයසැති ඒ.ජී. ගුණරත්න මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩුවක් ලබාදිය හැකි පින්වතකු වෙතොත් 071 8520604 හෝ 071 8620482 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.

තිලක් පුෂ්පකුමාර