Print this Article


පොත් විත්ති

පොත් විත්ති

සුගතිය හා නිවන

(සද්ධර්ම ග්‍රන්ථය)
කර්තෘ – ඉන්දු පෙරේරා
ප්‍රකාශකයෝ – සාහිත පොත් පියස

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී, ගල්කිස්සේ සෝමානන්ද හිමියන් සමඟ මාධ්‍යවේදිනී ඉන්දු පෙරේරා විසින් කළ සාකච්ඡා ඇසුරෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත. උන් වහන්සේගේ ප්‍රථම ග්‍රන්ථාවලෝකනය ද මෙම කෘතිය වෙයි.

කොළඹ 10, මරදාන පාරේ, “සාහිත පොත් පියස” මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතියේ සුගතියට හා නිවනට ඉවහල් වන ධර්ම කාරණා සරලව ඉදිරිපත් කර තිබේ. ‘ නිවන් මගට යොමු වීම්, ‘තම සිතිවිලි නිවැරැදි කිරීම, ‘මාංශ අනුභවය නිවනට බාධාවක් ද?”, ‘ප්‍රාර්ථනා අධිෂ්ඨාන සඵල කර ගැනීම.’ ‘සංසාර රෝගය’ මෙන්ම ‘සුගතියක නැවත උපදිනවා ද? සසර ගමන නතර කරනවා ද? යනාදි මාතෘකා රැසක් ඔස්සේ විස්තර කොට ඇත.


සිතේ විස්මිත හාස්කම්

කර්තෘ – තිලක කුඩාහෙට්ටි
ප්‍රකාශකයෝ – සාහිත පොත් පියස

සිතේ විස්මිත හාස්කම් ග්‍රන්ථය තුළින් කතුවරයා ද භාවනා යෝගියෙකුගේ සිතේ ඇතිවන හාස්කම් පිළිබඳව විස්තර කිරීමට උත්සාහයන් ගෙන ඇත. තායිලන්තයේ භාවනායෝගි භික්ෂූන් වහන්සේලාගේ අත්දැකීම් විස්තරාත්මකව විස්තර කිරීමට කතුවරයා මෙහිදී උත්සාහය ගෙන ඇත.


ධම්මපද ගාථා වර්ණනා – 2

(අප්පමාද වර්ගය)
සම්පාදක – කේ.කේ.සුගතපාල
ප්‍රකාශකයෝ – සංඛ පි‍්‍රන්ටර්ස්

බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවන්හි විවිධ පුද්ගලයන් අරමුණුූ කොට විවිධ විෂයය පථයන් යටතේ දේශනා කරන ලද ධම්මපදය ඇසුරෙන් වග්ග 26 කින් මෙන්ම ගාථා 423 හා අටුවා කථා 301 කින් සමන්විත ධම්මපදයේ ධම්මපද ගාථා වර්ණනා -2 ග්‍රන්ථය එළිදක්වා ඇත. කොලොන්නාව තරුණ බෞද්ධ සංගමය වෙත මාසිකව ලියා දුන් “ධම්මපද ගාථා වර්ණනා” නම් වූ පත්‍රිකාවල එකතුවක් ලෙස මෙම ග්‍රන්ථය එළිදක්වා ඇති බව කතුවරයා කියයි.