Print this Article


සීදූවේ සුමනවංශ හිමියන්ගේ 40 වන උපසම්පදා සංවත්සරය සමරා පින්කම්

සීදූවේ සුමනවංශ හිමියන්ගේ

40 වන උපසම්පදා සංවත්සරය සමරා පින්කම්

සීදුව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති මීග/රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ ශ්‍රී ධම්මානන්ද වංශාවතංශ සාසන ශෝභන විනයාචාර්ය සංඝ නායක පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංශ නාහිමියන්ගේ සසුන් දිවියෙහි උපසම්පදා ප්‍රාප්තව හතළිස් වසරක් සපිරීම නිමිත්තෙන් උන් වහන්සේට උපහාර දැක්වීමේ උත්සවයක් හා විශේෂ පින්කම් මාලාවක් අගෝස්තු මස 18 සහ 19 දිනයන්හි රද්දොළුව අමර මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

18 සෙනසුරාදා පස්වරු 5.00 ට විශේෂ ආශිර්වාද පහන් පූජා, බෝධි පූජා පින්කම හා උපහාර දැක්වීමද එදින පස්වරු 6.30 ට ධර්ම දේශනාව ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ශාස්ත්‍රපති නැදගමුවේ විජයමෛත්‍රී නාහිමියන් විසින් පවත්වනු ලැබේ. 19 වෙනි දින පෙරවරු 11.00 ට තෛ‍්‍රනිකායික මහ නා හිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය 75 නමක් විෂයයෙහි සපිරිකර සඟසතු දානමය පින්කමක් පැවැත්වේ. උභය විහාරාධිපතිව වැඩ විසූ රද්දොළුවේ අරියවංශ මාහිමිපාණන් වහන්සේ අපවත්වී වසර 40 ක් සපිරීමද එම පින්කම් මාලාවේ සුවිශේෂී කරුණකි.