Print this Article


පහන් සිතක කවි

 

අබිනික්මන

එකුන් තිස් වසක් ගිහි ගෙයි සැප විඳලා
දිවියෙහි නිසරු බව මැනැවින් වැටහීලා
ඇසළ සඳේ සඳ කිරණේ පිටවීලා
අබිනික්මන් කළේ නිවනට මඟ සොයලා

උතුම් ඇසළ පොහොදින හරි වැදගත්ය
සිදුහත් කුමරුගේ මහ අබිනික්මනය
බුදු බව ලැබීමට ගත් වෙර අදිටනය
සිහි කර එදින කුසලින් පිරිපුන් ය


හිමි සඳු ලබත්වා සියවස් ආයු බල

සසරේ පුරුදු ලෙස පැවිදිව කුඩා කල
සතරේ භිනිමඟෙහි පඬි රුවණක් ය දුල
තිදොරේ සංවරය ගැන සිත් උදා කළ
පැතිරේ හිමි සඳුගෙ නම දම් අමා විල

දහමට ඔබින මෙත් කරුණා වදන් පෙළ
සවනට මී බිඳුය අසනා දනන් තුළ
මිහිපිට වසන සැදැහැතියන් පුබුදු කළ
හිමි සඳු ලබත්වා සියවස් ආයු බල

දහමේ සංඛ නාදය ගුවනින් ඇසෙන
හැම හදවත්ම සනසයි මෙත් සිසිල දෙන
ඉහළම කුසල බලයයි දම් දෙසන පින
වඳින්නෙමි බැතින් විජිත නා හිමි මාරපන


මව්පිය නැමදුම

දසමස කුස දරාගෙ ලෝ ඇති සැම දුක් විඳලා
දහදිය වගුරුවා රැක ඇතිදැඩි කරලා
කුසට අහර නොගෙන අපෙ කුසගිනි නිවලා
මවයි පියයි අප රැක්කේ ඔවුන්ගෙ පණ පුදලා


අම්මා

නිවසේ රෝස ගස අතු අග මල් නොමැතී
ලැගගත් කුරුලු කැළ දුක් ගීයක් ගයතී
ලෙහෙනුන් අහර නොගෙනම වටපිට බලතී
අම්මා නිවසෙ නැති බව දැනවෙන්ට ඇතී

පනස් අටවසක් දිවිමඟ කර සුද්ද
යහමඟ යවා දරු කැළ නොමැතිව සද්ද
තෙරුවන් සරණ සහ නිති දෙවියන් යැද්ද
අම්මා නිවසෙ නැති පළවෙනි අවුරුද්ද


රටට අවැසි යහ දරුවෙක්

සවනට ඇහෙන හැම දේ නොගනිමු හිතට
දෙනෙතට වැටෙන සරු දේ විමසමු යසට
මනසට සැදෙන සුවයම දිවියට පිහිට
දැයකට සපිරි යහ දරුවෙක් වෙමු හෙටට


අප සිටියේ නැතිද ?

ඉසිපතනේ මිගදායේ
විහිදී ගිය දම්සක් හඬ
තිලොව එළිය කළ
සම්බුදු සමිඳු මුවින් නික්මෙන විට
සියලු සතුන් සුවපත් වෙනු
ඇසළ සඳේ දැනුනාදෝ

අහසෙ පොළොවෙ එක් රැස්වුණ
බහුපා සිව්පා දෙපාද
සතුන් උන්නු ඉසව්වෙන්
අප හිටියේ නැද්ද අනේ ඇසළ
සඳේ – කියනවදෝ


අවුකන පිළිම වහන්සේ

මෙපමණම ගොරහැඩි ද කළුගල
එහෙත් එම ගල සියුම් කළ කල
දොහොත් මුදුනේ තබා වඳි මුව
මහත් බැතියක් ගෙනේ සිත තුළ

කටුව මිටිය බැතිය පිදුවා
දුටුව මුනි ගුණ ගලෙක කෙටුවා
ඉටුවු දෙව් හෙළ කලා කරුවා
තුටුව ඇත හැම දෙනෙත් හරවා

වැව් මතෙහි දිය තරග නැටුවා
මැව් පිළිම සිව්රැළිද දුටුවා
සව් සතුන් මහ පිළිම දුටුවා
පෙව් අමා දම් ගඟුළ ගැලුවා

අවුකනෙහි මහ පිළිම සමිෙඳ්
සිව් කොනෙහි රැස් ඉතිරි නිබෙඳ්
පෙවු අමා දම් සිසිලෙ කිමිදේ
පව් දුරුව අම නිවනෙ සුවදේ


අවිදු නැසූ බුදු සමිඳු

අවිදු අඳුර දුරු කරනා රවි කිරණයි බුදු සමිඳූ
දුරු කරනා මඟ පෙන්වූ උත්තම ගුරු බුදු සමිඳූ
උතුම් කලණ මිතුරු තමයි ලෝ සතහට බුදු සමිඳූ
සැදැහැ සිතින් විඳිනෙමි මම සැමදාමත් බුදු සමිඳූ


සිරිදුව

ගෙදර ඉන්න හැම දෙනා
උදේ හවස රොක් වුණා
බුදු පහනත් හිනැහුණා
ගාථා හඬ පැතිරුණා

පන්සිල් පද සුරකිනා
අයවෙති මෙහි හැම
දෙනා
‘සිරිදුව‘ පවසන තැනා
විත් හඳුණා ගනු මැනා


මල් සහ ලෝකය

පරවුණු මලක්
නොමැත යළි කිසි දිනක
සුපිපෙන්නෙ සුවඳ දී
සුපිපුණ මලක්
නැත සදාකාලිකවම
වැජඹෙන්නෙ තුරු මතෙහි
ඉපදෙන සතුන්
සියලු දෙන ලෝකයේ
පිපෙන පරවෙන මල්ය
කෙටිම කෙටි කලක දී