UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගී බණ පද - 13: අනන්ත අප්‍රමාණ වූ

ගී බණ පද - 13:

අනන්ත අප්‍රමාණ වූ

ජගදානන්දන මහා කාරුණික
සිරසා වන්දන ශීල ගුණෝපිත
අනුපමේය වූ එවන් නාමයට
නමස්කාර වේවා
නමස්කාර වේවා

අහස උසට නැඟි සවනක් ගණ රැස්
කේතු මාලාවෝ
මොහඳුර සිඳ බිඳ තිමිර පටල බිඳ
භවාග්‍රයේ විහිදෙන යාමේ
සවිනේ ගෙවා දත්
මහා ඤාණයට
නමස්කාර වේවා
නමස්කාර වේවා

මහීතලය මත සදා සරණ බඳු
දයා සමුදාවෝ
ගලා බසින සඳ නිවා අග්නි කඳ
පුදා ප්‍රණාමය පාමඩලේ
පාරමී පූජිත විපුල වීර්යයට
නමස්කාර වේවා
නමස්කාර වේවා

පදරචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි
ගායනය - ආචාර්ය පණ්ඩිත්
අමරදේව සහ මහාචාර්ය
සනත් නන්දසිරි

බුදුරජාණන් වහන්සේගේ උත්තම මුනි ගුණ සිහිපත් කරමින් රචනා කළ විශිෂ්ට පද රචනා අතර, ආචාර්ය අජන්තා රණසිංහ විසින් රචනා කරන ලද 'ජගදානන්දන මහා කාරුණික' නමැති ගීතය විශිෂ්ට ගීතයක් ලෙස දැක්විය හැකි ය. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනන්ත ය . අප්‍රමාණ ය. ගණනය කළ නොහැකි, අනන්ත අප්‍රමාණ වූ ඒ බුදුගුණ විශ්වය පුරාම පිරී පවතී.

එම ගීතය පුරාම බුදුගුණ අන්තර්ගතව ඇත.. අනන්ත අප්‍රමාණ වූ ගුණයන්ගෙන්, ප්‍රඥාවෙන් කරුණාවෙන් , සම්පූර්ණ වූ උන්වහන්සේගේ අනන්ත අති උතුම් බුදුගුණ පිළිබඳව විවිධ නම්වලින් සාකච්ඡා වේ. පාලි නිගණ්ඩුව නම් පොතේ එවැනි නම් කිහිපයක් සඳහන් ව ඇත.. බුද්ධ, දසබල, සත්තා, සබ්බඤ්ඤෝ , දීප දුත්තම, මුනිදු, භගවා, නාථ, චත්තුමාංගිරස, ලෝකනාථ, නදිවර, මහේෂි, විනායක, සමන්ත, චක්ඛු, සුගත, භූරිපඤ්ඤ මාරජි, නරසීහ, නරවර, ධම්මරාජ, මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේට සම්බන්ධ විවිධ නාමයන් දැකිය හැකි අතර තවත් විශාල ප්‍රමාණයක් ඇත. බුදුරජාණන් වහන්සේ හඳුන්වන විශේෂ නමක් ලෙස ජගදානන්දන නාමය එම ගීතය තුළ සඳහන් වේ. . ලෝකය සතුටට, ප්‍රීතියට, ප්‍රමෝදයට පත් කළ යන අදහස ජගදානන්දන යන්නෙහි අර්ථය වේ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණිකත්වය ලෝකයේ වෙනත් කිසිදු පුද්ගලයකු සතු බවට බෞද්ධ සමාජය විශ්වාස කරන්නේ නැත. සිරසාභිවන්දනයෙන් බෞද්ධ සමාජය විසින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරනු ලබන්නේ ද එම උතුම් ගුණයට ය. උන්වහන්සේ තුළ පැවැති මහා කරුණික ගුණය, ශිල ගුණය වැනි අසීමිත වූ උතුම් ගුණයන් අනුපමේය වේ. බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ම හැර සමකළ හැකි වෙනත් උපමාවක් නැත. බුදුරජාණන් වහනසේගේ බුදු ගුණයට උපමා කළ හැකි උපමේයක් ද ලොව නැත.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ ශරීරයෙන් නිකුත්වන කේතු මාලාවන්ගෙන් නිකුත්වන රශ්මි ජාලාවෙන් මේ ලෝකය පිරී පවතී .බුද්ධ රශ්මිය මේ ලෝකය පුරා පිරී පවතින බවට විශ්වාසයක් බෞද්ධයන් තුළ ද ඇත. උන්වහන්සේ මේ ලෝකයට භවය යන වචනය පැහැදිලි කළ සේක. භවය යනු සත්ත්වයා නැවත නැවත ඉපදීම ය. සත්ත්වයා සංසාරයේ නැවත නැවත ඉපදීමට සත්ත්වයා තුළ පවතින කෙලෙස් ධර්මයන් හේතුවන බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මේ ලෝකයට බිහි වූ කිසිදු නායකයකු එබදු දේශනාවක් කර නොමැත. භවයේ කෙළවර මිනිසාගේ ජීවිතය අවසන් වන බවත්,එය නිර්වාණයෙන් අවසන් වන බවත්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණාවන් ය. බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශීල ගුණයන් ඥානගුණයන් , අතීන්ද්‍රිප්‍රත්‍යක්ෂ ප්‍රභාවයන් සිහිපත් කරමින් බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරති. උන්වහන්සේ තුළ පැවතුන ඒ අනූපමේය උතුම් ගුණ නාමයට නමස්කාර කරන අදහස එම ගීතය පුරාම ගැබ් ව ඇත.

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය අගෝස්තු 04 වන දා සෙනසුරාදා අපර භාග 12.02 ට ලබයි. 05 වන දා ඉරිදා පූර්වභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
අගෝස්තු 11 වන දා සෙනසුරාදාය 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]