Print this Article


බෝපාගොඩ ශ්‍රී පරමානන්ද පිරිවෙන් ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීමක් 05 දා

බෝපාගොඩ ශ්‍රී පරමානන්ද පිරිවෙන් ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීමක් 05 දා

අකුරැස්ස බෝපාගොඩ ශ්‍රී පරමානන්ද ආදි ශිෂ්‍ය සංගමයේ 2018 වසරේ මහා සභා රැස්වීමක් මෙම මස 05 වන දා (ඉරිදා) පස්වරු 2.00 ට බෝපාගොඩ ශ්‍රී පරමානන්ද පිරිවෙන් ශාලාවේ දී පැවැත්වේ. 2018 සැප්තැම්බර් මස පවත්වන හැට වස් සැමරුම වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම එදින සිදුවන බැවින් පිරිවෙන ආරම්භයේ සිට මේ දක්වා එම පිරිවෙනෙහි අධ්‍යාපනය ලබා දැනට විවිධ ක්ෂේත්‍රවල නියැළී සිටින ගිහි පැවිදි සියලු ආදි ශිෂ්‍යයින් එම අවස්ථාවට පැමිණ සහභාගී වන්නැයි ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉල්ලීමක් කරයි.