Print this Article


සදහම් අරණ
 

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමින් වහන්ස /දුවේ, පුතේ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


සදහම් අරණ ළමා සමාජයේ සාමාජික , සාමාජිකාවනි, පහත සදහම් ප්‍රශ්නවලට ඔබගේ පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න. නිවැරැදි පිළිතුරට වටිනා තෑගි පිරි පිරිනමන්නෙමු.

01). සතර බ්‍රහ්ම විහරණ නම් කරන්න

02). ඔබ කැමැති එක් බ්‍රහ්ම විහරණ ගුණයක් ගැන කෙටි විස්තරයක් ලියන්න.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

361. වවුලුගල - සිරිධම්මරක්ඛිතාරාමයේ
6 ශ්‍රේණියේ
දිල්මි ප්‍රමෝද්‍යා

362. මතුගම – ආනන්ද ශාස්ත්‍රාලයේ
6 ශ්‍රේණියේ
එච්.පී. රෙසිඳු තරුපති

363. බලංගොඩ – වළවේ විද්‍යානන්ද දහම් පාසලේ
09 ශ්‍රේණියේ
ජී.බී. නිමේෂ් තිළණ

364. වවුලුගල - සිරිධම්මරක්ඛිතාරාමයේ
06 ශ්‍රේණියේ
අසේන් විදුරංග

365. වවුලුගල - සිරිධම්මරක්ඛිතාරාමයේ
06 ශ්‍රේණියේ
යූ. රශ්මිත නිම්රාධ

366. වවුලුගල - සිරිධම්මරක්ඛිතාරාමයේ
06 ශ්‍රේණියේ
හිරුෂි තාරකා

367. තුම්මුදුන – වාලුකාරාම මහා විහාරයේ
06 ශ්‍රේණියේ
කේ. ඒ. ගයාන් කල්ප අබේසේකර

368. කිරිල්ලවල – මධ්‍යමහා විදුහලේ
07 ශ්‍රේණියේ
ඉසුරු ආඪ්‍ය ලියනගේ


මංගල සූත්‍ර දේශනාව

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පසු සත් සතිය ගතකොට තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය කා හට දේශනා කරන්නේදැයි , සිතමින් සිටි අතර, සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ධර්මය දේශනා කිරීමට යොමු වූ සේක. බුදුරජාණන් වහන්සේ මුලින්ම තමන්ට ගුරු වූ පිරිස් පිළිබඳව සිහිපත් කළහ. එහෙත් ආලාරකාලාම, උද්දකරාමපුත්‍ර ආදින් ඒ වන විටත් මියගොස් සිටියෙන් දුෂ්කර ක්‍රියා සමයේ උදව් කළ පස්වග තවුසන්ට දහම් දෙසිය යුතු යැයි සිතා බරණැස ඉසිපතන මිගදායට වැඩම කළ සේක. අනතුරුව ඇසළ පෝ දා මංගල සූත්‍ර දේශනාව ලෙස දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ අතර, එදා කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්වූහ. අනන්ත ලක්ඛණ සූත්‍රය වදාළ පසු සියලු දෙනාම මගඵල ලැබූහ.

බරණැස සිටුවරයාගේ පුත් වූ යස නමැති කුල පුත්‍රයා ගිහි ජීවිතය ගැන කළකිරී බුදුරදුන් වෙතින් බණ අසා පැවිදි භාවයට පත්වන අතර, එම පැවිදිවීම අසා විමල, සුභාහු ,පුණ්ණජි, ගවම්පති යන ප්‍රධාන මිතුරන් හතරදෙනා හා අවශේෂ පනහක් පමණ වූ යහළුවෝ ද පැවිදි වූහ. ඒ වන විට බුදු සසුන රහත් භික්ෂු හැට නමකගෙන් සමලංකෘත වූහ. එම හැටනම පළමු ධර්ම දූත කණ්ඩායම ලෙස සැලකේ. මෙම හැටනම ධර්ම ප්‍රචාරයෙහි යෙද වූ බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා “මහණෙනි බොහෝ දෙව් මිනිසුන්ට හිත සුව පිණිස, වැඩ පිණිස චාරිකාවෙහි හැසිරෙන්න. මුල, මැද, අග යහපත් වූ ධර්මය දේශනා කරන්න. අර්ථ සහිත සෑම අතින් පිරිපුන් පිරිසුදු වූ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන්න යැයි වදාළහ.


සිව්සස් දහම සිව්සස් දහම

ඇසළ පුන් පොහෝ දින බරණැස ඉසිපතනයේ පස්වග තවුසන්හට බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය වදාළ සේක. එම සූත්‍රයේ

දුක්ඛ ආර්ය සත්‍යය – (දුක), දුක්ඛ සමුදය ආර්ය සත්‍යය – (දුකට හේතුව), දුක්ඛ නිරෝධාර්ය සත්‍ය – (දුක නැතිකිරීම) , දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය (දුක නැතිකිරීමේ මාර්ගය)

නම් වූ චතුරාර්ය සත්‍යය ද, අත්හළ යුතු අන්තදෙක, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී දේ විස්තර කර ඇත.

මෙම සූත්‍ර දේශනාවේ මූලික අර්ථය මිනිස් ජීවිතයේ සාර්ථකත්වයයි. සසර දිවිය තුළ අප කුමන සම්පත් කවර ශක්තින් සොයා ගත්තත්, නැවත නැවත ඉපදීම සිදුවේ. එබැවින් සසරෙහි නැවත ඉපදෙමින්, ලෙඩවෙමින්, මහලුවෙමින්, මරණය කරා යන සසර පැවැත්ම අසාර බව මේ දේශනාවෙන් ඉතා හොඳින් පැහැදිලි කර ඇත.


සාධු නද ගිගුම් දෙයි

බුදුරජාණන් වහන්සේ සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරා වෙසක් පොහෝ දින සම්මා සම්බෝධිය අවබෝධ කරගත් සේක. උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ප්‍රථමයෙන් දේශනා කරන්නේ කාටදැයි විමසීමේ දී සත්‍යගවේෂි සමයෙහි උන්වහන්සේගේ ගුරුවරු වූ ආලාරකාලාම හා උද්දකරාමපුත්ත යන තවුසන් සිහියට නැඟුණත්, ඒ වනවිටත් ඔවුන් මියගොස් තිබුණි. පසුව දුෂ්කරක්‍රියා කරන සමයෙහි උන්වහන්සේට උපස්ථාන කළ පස්වග තවුසන් සිහිවුණි. ඔවුන් ඉසිපතනයේ ජීවත් වූ අතර ප්‍රථම ධර්ම දේශනාව කිරීමට පස්වග තවුසන් තෝරා ගැනීමෙන් විද්‍යමාන වන්නේ බුදු සමිඳුන්ගේ කළගුණ සැලකීමේ ගුණය යි. ඒ අනුව ප්‍රථම ධර්ම දේශනාව පවත්වන ලද්දේ ඉසිපතනාරාමයෙහි මුව වනයෙහි ය. ඒ පස්වග මහණුන් උදෙසා යි. ඒ ඇසළ පුන් පොහෝ දිනක ය. මෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වනුයේ චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය හා පැවිද්දෙකු විසින් අත්හළයුතු අන්ත දෙක පිළිබඳවයි. මෙහිදී ප්‍රථමයෙන් කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වූ අතර, පිළිවෙලින් අනෙක් තවුසෝ සෝවාන් වූහ. එම දේශනාවට පසු භූමාටු දෙවියෙකු නැගූ සාධුකාරය අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා පැතිරුණු බව සඳහන් වේ.


ප්‍රථම ධර්ම දේශනාව

බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් උදෙසා දේශනා කළ ප්‍රථම ධර්ම දේශනාව දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවයි. මෙහි ජීවිත පිළිබඳ ගැඹුරින් මෙනෙහි කිරීමෙන් ලත් ශ්‍රේෂ්ඨ සොයා ගැනීම විස්තර වේ. පැවිද්දෙකු විසින් සේවනය නො කළ යුතු අන්ත දෙකකි .එනම් අත්තකිලමථානු යෝගය සහ කාමසුඛල්ලිකානු යෝගය යි. කෙලෙස් දුරු කිරීම, සත්‍ය දැන ගැනීම පිණිස මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් එහි දී පැහැදිලි කර ඇති අතර, චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳ දීර්ඝ ලෙස විස්තර කර ඇත.


විශ්වයේ ඒකාලෝකය

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වදාළේ ඇසළ පුන් පොහෝ දිනයේ දීය. එම දේශනාව වදාළේ පස්වග මහණුන් උදෙසා ය.

එනම් කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම. අස්සජි යන තවුසන්ට ය. ප්‍රථම ධර්ම දේශනාව වූයේ දම්සක් පැවතුම් සූත්‍රය යි. එයට අයත් වූයේ පැවිද්දකු විසින් අත්හළ යුතු අන්ත දෙකත්, මධ්‍යම ප්‍රතිපදාවේ අගයත්, චතුරාර්ය සත්‍ය ධර්මයත් ය. දම්සක් පැවතුම් සූත්‍රය ධම්මචක්කපවත්තන සූත්‍රය නමින් ද හඳුන්වනු ලැබේ. එම දේශනාව අසා කොණ්ඩඤ්ඤ තවුසා පළමුව සෝවාන් ඵලයට පත්වූ අතර, ඒ දේශනාවෙන් මුළු ලෝකයම ඒකාලෝක විය.


පොසොන් උදාව