Print this Article


පොත් විත්ති

පොත් විත්ති

සෝම හිමි නම් දිව්‍ය පුත්‍රයා
 (සෝම හිමි අමරණීය සිතිවිලි)

කර්තෘ - ශාස්ත්‍රපති
චාමික මුණසිංහ
ප්‍රකාශනය - සාහිත පොත් පියස

බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව, සජීවී ලෝකය, සිත නිවන ලෝකය සහ අජරාමර ලෝකය යන ජනපි‍්‍රය ග්‍රන්ථ සම්පාදනය කළ මාධ්‍යවේදී, ශාස්ත්‍රපති චාමික මුණසිංහයන්ගේ නවතම කෘතිය ‘සෝම හිමි නම් දිව්‍ය පුත්‍රයා’ (අමරණීය සිතිවිලි) නමින් පසුගියදා එළිදැක්වුණි.

සාහිත පොත් පියස මගින් ප්‍රකාශිත මෙම ග්‍රන්ථයෙන් සෝම හිමියන්ගේ සර්ව කාලීන විශේෂිත ලිපි හා දේශනා පරිච්ඡේද 12 ක් යටතේ පෙළ ගස්වා තිබේ. මෙහි ‘විසූක දස්සන පෙන්වා ජාතිය මළගම් යැවීම’ මිනිසා නොහදා රට හැදීම, සදාචාරය ජාතියක සෞභාග්‍ය උදා කිරීම, උරුමය කරුමය කරන නරුමයෝ සහ මේ විපතින් ජාතිය ගලවා ගන්නට නම් ඇතුළු කාලීන දහම් මාතෘකා රැසක් ඔස්සේ සෝම හිමියන්ගේ අමරණීය සිතිවිලි ඉදිරිපත් කර ඇත.


ජීවිතයයි, ආදරයයි
(චීන බෞද්ධ කතා)

කර්තෘ - චන්න බණ්ඩාර දොළපිහිල්ල
ප්‍රකාශනය – ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම

චීන බෞද්ධ කතන්දර සියයක් එක්කොට ජී.බී. ටලෝවිච් නමැති ලේඛකයා ලියූ ලව් ඔෆ් ලයිෆ් කෘතියෙන් කතාන්දර 22 ක් උපුටාගෙන පරිවර්තනයක් ලෙස ලේඛකයා ජීවිතයයි, ආදරයයි නමින් මෙම ග්‍රන්ථය නම්කර එළිදක්වා ඇත.

පළිගැනීම්, දිගාසිරි වරම්, රුදුරු මරණය, පාරා වළල්ල, ආදී මාතෘකා විසි එකක් යටතේ ඉතාමත් සරලව පාඨකයාගේ රුචිය වැඩිවන ආකාරයට මෙම ග්‍රන්ථය ඔබ අතට පත්කර ඇත.