Print this Article


උඩවැඩියාගොඩ පුරාණ විහාරස්ථානයේ බොදු සැදැහැ ගී සරණියෙන්

උඩවැඩියාගොඩ පුරාණ විහාරස්ථානයේ

බොදු සැදැහැ ගී සරණියෙන්

පොසොන් උත්සවය නිමිත්තෙන් හාරිස්පත්තුව අලදෙණිය උඩවැඩියාගොඩ පුරාණ විහාරස්ථානයේදී බොදු සැදැහැ ගී සරණියක් පැවැත්විණි. විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කොණ්ඩදෙණියේ ගුණානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති එම පොසොන් සැදැහැ ගී සරණියේ ප්‍රථම ස්ථානය කුඹුරුවලතැන්න ග්‍රාමය ඉදිරිපත් කළ සැදැහැ ගී කණ්ඩායමට හිමිවිය.

දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් රන්දිලිගම ග්‍රාමයට හා විඟුහුම්පොළ ග්‍රාමයට හිමිවූ අතර ජයග්‍රාහී කණ්ඩායමට මුදලින් රුපියල් 10000.00 ක්ද දෙවන හා තෙවන ස්ථාන දිනාගත් කණ්ඩායම් වලට රුපියල් 7500.00 ක් හා 5000.00 ක් පිරිනැමූ බව ගයන්ත බණ්ඩාර හේරත් මහතා කීය. බැති ගී සරණියට අමතරව වෙස් නර්තන, සළුපාලිය , ගිනි සිසිල සහ නෛයඩි නර්තනද ඉදිරිපත් කෙරිණි.


කුඹුරුවලතැන්න ග්‍රාමයේ බොදු සැදැහැ ගී කණ්ඩායම පළමු වන ස්ථානය
 

රන්දිලිගම බොදු සැදැහැ ගී කණ්ඩායම දෙවන ස්ථානය
 

විඟුහුම්පොල අංක 1 බොදු සැදැහැ ගී කණ්ඩායම තෙවන ස්ථානය